කතානායක ට නීතිපති දුන් රහසිගත උපදෙස්.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපතිවරයාට අමුතු ව්‍යවස්ථා ප්‍රශ්නයක් යොමු කළේය .20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සඳහා මැති සබයේ මන්ත්‍රීන් 2/3 බහුතරය ලබා ගත යුතු ආකාරය ගැන එමගින් විමසා තිබුණි .

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක සංඛ්‍යාවට අවශ්‍ය වන්නේ මන්ත්‍රීන් 150 ක් පමණි .එහෙත් එක්සත් ජාතික පක්ෂය හා රතන හිමියන් ගේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් මේතාක් පත් කර නොතිබීම නිසා සැබැවින්ම මන්ත්‍රීන් සිටින්නේ 223 කි.එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට 2/3 මන්ත්‍රී සංඛ්‍යාව ලෙස සැලකිය යුත්තේ මන්ත්‍රීන් 150 ද නොඑසේනම් 148 හෝ 149 ද යන්න කතානායකවරයා නීතිපතිගෙන් විමසා ඇතැයි සඳහන් වෙයි.

මේ සංඛ්‍යාව ගැන නීතිපතිවරයා අදාල ව්‍යවස්ථා නීතිය සඳහන් කරමින් රහසිගත උපදෙසක් කතානායකවරයා ට ලබා දී ඇත .එහෙත් එම තීන්දුව කුමක්ද යන්න මෙතෙක් හෙළිදරව් වී නැත .කෙසේ වෙතත් 20 වැනි සංශෝධනය ට ජන්දය විමසීම සිදු කෙරෙන්නේ එම නීතිපති උපදෙස් අනුව මත බව වාර්තා වෙයි .

Leave a reply: