කතානායක මහින්ද යාපා සභා නායක දිනේෂ්

ලබන 20 වැනිදා නව පාර්ලිමේන්තුව රැස් වූ විට එහි කතානායක ධුරයට මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තෝරා පත් කර ගැනීමට නියමිතය .

රාජ්‍ය තන්ත්‍රයේ ජනාධිපතිවරයා ට හා අගමැතිවරයා ට පමණක් දෙවැනි වන කතානායක තනතුරට පත් කෙරෙන මහින්ද යාපා මහතා වර්ෂ 1983 හක්මන මන්ත්‍රී කොට්ඨාසය නියෝජනය කරමින් මුලින්ම මැති සබයට පත් විය.

පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කෙරෙන අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් වනු ඇතැයි විශ්වාස කෙරේ .

සමගි ජනබලවේගයේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා පත් වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි .

මෙවර පාර්ලිමේන්තු රැස්වීම්වල තවත් විශේෂයක් වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීන් 34 දෙනෙක් විශේෂ ආසනවල අසුන් ගැනීම යි.ඊට හේතුව ආණ්ඩු පක්ෂය පැත්තෙන් ඇත්තේ මන්ත්‍රී ආසන 116 ක් වීම නිසා ය.ඉතිරි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 34 දෙනා විපක්ෂය පැත්තේ අසුන් ගන්නේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුවය .කොරෝනා රෝගය නිසා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුවම මැතිසබය රැස් කෙරේ .එහිදී අනුගමනය කෙරෙන මූලික පිළිවෙත වන්නේ කිසිදු මන්ත්‍රීවරයෙකු ට හෝ අමාත්‍යවරයෙකුට අන් මන්ත්‍රී අසුනක අසුන් ගැනීමේ අවසර නොලැබීම යි.

Leave a reply: