ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

කන්දකාඩුවේ තත්ත්වය බරපතළයි පාලනයට නව ආරක්ෂක සැලසුමක්

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිකුරාදා වන විට කොරෝනා ආසාදිතයින් 252 ක් වාර්තා වී තිබූ අතර රැඳවියන් රැසකටද කොරෝනා බෝවී ඇතැයි සැක කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති .ඒ නිසා තත්ත්වය පාලනයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු එහි පිටත් කර යවා මෙම රෝගය බෝවීමේ මූලය සොයා ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් දියත් කර තිබේ .මෙම රෝගී තත්ත්වය සමාජය තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ජනාධිපතිවරයා ගේ උපදෙසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් එහි ගොස් සිටී.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත් කොට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පසුගිය කාලය පුරාම භාවිත කලේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී කොරෝනා වැළඳුණු තැනැත්තන් පුනරුත්ථාපනය ට හා නිරෝධායනයටයි.පවතින වාතාවරණය යටතේ එය තාවකාලිකව වසා දැමීම ගැන රජය කරුණු අධ්‍යනය කරමින් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

මෙම ආයතනයේ සේවිකාවක් මාරවිල නිවසට පැමිණ සිටියදී කොරෝනා රෝගියකු බව හඳුනා ගත් බැවින් ඇයගේ ආශ්‍රිතයන් හා සමීප වූ පවුල් ගණනාවක පිරිස් දැනටමත් ස්වයං නිරෝධායනය ට ලක් කර තිබේ .පවතින තත්ත්වය දැඩි ලෙස පාලනය වී ඇති බැවින් අනියත බියක් ඇතිකර නොගතයුතුයැයි රජය පවසයි .

Leave a reply: