කරූ ජයසූරියගේ යකාගේ බණ .

මෙරට සාධාරණ සමාජයක් හදන්නට හදිසි වී දඟලන කරු ජයසූරිය මහතා ඇතුළු පිරිස තමන්ට බලය තිබූ කාලයේ ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය ගැන ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුව විසින් මතුකර තිබේ.

හඬ අනුව පාර්ලිමේන්තුවේ අණපනත් හතළිහක් විනාඩි දහයක් තුළ සම්මත කරගැනීමට නිර්ලජ්ජිතව අණදුන් කරූ ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් රාජපක්ෂ විරෝධීන් පමණක් තෝරා රටේ උසස්ම තනතුරු පිරිනැමූ ආකාරය ගැන දැන් ඔහු සමාජයට උත්තර දිය යුතුය.

සාධාරණ ජයසූරිය මහතාණෙනි ඔබ සභාපතිත්වය දැරූ එන්. ජී .ඕ . ව්‍යවස්ථා සභාවෙන් මානසික රෝගයක් ඇති බවට විශේෂඥ වෛද්‍යවරු තහවුරු කරන ලද තැනැත්තෙකු උග්‍ර රාජපක්ෂ විරෝධීයකු වීම නිසාම ඔහුට මාස දහඅටක් තුළ උසස්වීම් පෝලිමක් ලබාදී මෙරට ඉහළම අධිකරණය විනිසුරුවරයෙකු ලෙස පත් කළේ නැද්ද?

සියලු වෘත්තීය සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය සපුරා සිටි ඊවා වනසුන්දර මහත්මියට හිමිවිය යුතු වූ අගවිනිසුරු ධුරය අහිමි කළේ සාධාරණ සමාජයේ සභාපති ධුරය දරන ඔබ නොවේද ? ඇයට තිබූ එකම චෝදනාව ඇය රාජපක්ෂවරුන් දැන හඳුනාගෙන සිටීම පමණක් නොවේද.?

ජේෂ්ඨත්වය සහ සියලු සුදුසුකම් සපුරා සිටි එස් එම් වික්‍රමසිංහ ජේෂ්ඨ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හිමිවිය යුතු පොලිස්පති තනතුර අහිමි කළේ ඔබ නොවේද ?ඔහුගේ නම කපා මෙම ගෞරවනීය තනතුර සඳහා ඔබලා පත්කළ විහිලු කාරයා ගැන දැන් ඔබට සතුටුද?

ජේෂ්ඨත්වය සහ සියලු සුදුසුකම් සපුරා සිටි සොලිසිටර් ජෙනරාල් ජනරාල් සුහද ගම්ලත් මහතාට ලැබිය යුතුව තිබූ නීතිපති තනතුර අහිමි කළේ ඔබ සභාපතිත්වය දැරූ ව්‍යවස්ථා සභාව නොවේද? විගණන කොමිසම ගැන අද මහලොකුවට කතාකරන ඔබලාගේ කාලයේ එම කොමිසම පත්කළාද ? හිටපු විගණකාධිපතිවරයාවූ ගාමිණි විජේසිංහ ආණ්ඩුවට පක්ෂපාතී නොවීම නිසා ඒ මහතාට හිමි නියම වැටුප නිල රථය නිල නිවස පවා අහිමි කළේ ඔබලාට බලය තිබූ යහපාලන පාලන කාලයේ නොවේද?

එපමණක් නොවේ ඉතාමත් කණිෂ්ඨ රාජපක්ෂ විරෝධී විනිසුරුවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරමින් දීපාලි විජේසුන්දර මහත්මිය ඇතුළු ජේෂ්ඨ විනිසුරුවරුන් තිදෙනෙකු කපා හැරියේ ඔබ නායකත්වය දරු ව්‍යවස්ථා සභාව නොවේදැයි ඔබ රටට කිව යුතුය.එම නිසා මේ අයගේ වෘත්තීය සාපයෙන් ඔබට ගැලවිය හැකියයි බණදහම් දන්නා ඔබ විශ්වාස කරන්නේද ?

හිටපු කථානායක තුමනි ඔබට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ලියවිල්ලක් අවශ්‍ය වන්නේ මෙබඳු අසාධාරණ දේශපාලන කුප්පකම් කිරීමටද යන ප්‍රශ්නය අපට විමසීමට සිදුවන්නේ මේ නිසාය. සාධාරණ සමාජයක් ගැන කියමින් අසාධාරණය නීතිගත කළ අසූ වියැති ඔබ ශ්‍රී ලංකා දේශපාලන රඟමඩලේ කදිම නළුවෙකි. එනිසා දේශපාලනය අතහැර සිනමාව හෝ වේදිකාව තෝරා ගැනීම හොඳය . මෙයට වඩා ඔබ වෙහෙසට පත් කරමින් ප්‍රශ්න විමසීමට අපි අදහස් නොකරමි ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් මෙම සටහනේ සඳහන් දේ ගැන මෙනෙහි කර බලනු මැනවි .

Leave a reply: