කරූ ජයසූරිය පිංවතා සහ ශානි අබේසේකර පිංවතා .

ගෙදරට වී බණක් භාවනාවක් කරගෙන යන තැනක වැඩක් කර ගතයුතු 80 වැනි වියේ පසු වන කරු ජයසූරිය හිටපු කතානායකවරයා යූඑන්පී ආණ්ඩු කාලයේ සීඅයිඩිය හරහා දහසකුත් එකක් නීති විරෝධී වැඩ කොට දැන් සිරගත වී සිටින ශානි අබේසේකර නැමැත්තා ගැන හදපිරි දුකින් ඊයේ කතාවක් කොට තිබිණි .

ශානි දක්ෂ නිලධාරියෙකු බවත් ඔහු අපක්ෂපාතීව (යුඇන්පියට පක්ෂව) වැඩ කළ බවත් සංඝ රත්නයට පවා ඔහු නැති පාඩුව දැනෙන බවත් කියමින් ශානි අබේසේකර ගේ කළු ඇඳුම් ගලවා ඔහුට සුදු වස්ත්‍ර හැඳ වීමට කරූ ජයසූරිය ක්‍රියා කර ඇත. එසේ කියන කරු ජයසූරිය මෙරට සාධාරණ සමාජයේ සභාපති බවද කියයි.

රන්ජන් රාමනායක සමග පැවති සුප්‍රකට දුරකථන සංවාදයකදී ශානි අබේසේකර නැමැත්තාම කියන විදියට ඔහු සුදුසු රන්ජන් රාමනායකගේ නිවසේ වලං එහි දීමටය.එම
ප්‍රකාශයෙන්ම ශානි අබේසේකර කවුද කියා රටම හඳුනා ගත්තේය.ඔහුගේ අවංකභාවයට සහ අපක්ෂපාතී භාවයට තවත් සාක්ෂි කුමටද ?

එජාපයේ හිටපු නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියන විදියට පසුගිය රජය කාලයේ විපක්ෂය දඩයම් කරන්නට පිහිටුවන ලද එෆ් සී අයි ඩී ආයතනය පිහිටවූ ගැසට්ටුවේ සිටම එය නීති විරෝධීය. එම නීති විරෝධී ආයතනය මගින් රාජපක්ෂවරුන් ඇතුළුව වැරදි නොකරන ලද රාජ්‍ය නිලධාරීන් කොතරම් දඩයම් කළාද? එසේ කරන්නට උත්සාහ කලාද ?අනේ ඒ කාලයේ මේ සැදැහැවත් බෞද්ධ කරූ ජයසූරියගේ සාධාරණ සමාජය තිබුණේ කොහේදැයි එතුමාම අපිට දැන්වත් කිවයුතුය.

එසේම මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් සංවිධානය පිහිටවූයේ නීති විරෝධී ආයතනයක් වෙනුවෙන් නීති විරෝධී කටයුතු කර සිරගත වී සිටින අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට දැයි යන්නත් කරූ ජයසූරිය මහතා අපට කිව යුතුය.

එකල සීඅයිඩී ලොක්කාව සිටි ශානි අබේසේකර ගේ අවලං දේශපාලන වැඩ නිසා සිරගත වූ ලලිත් වීරතුංග මහතා රාජ්‍ය සේවයේ සිටි පිරිසිදුම රාජ්‍ය නිලධාරියෙකු ලෙස කීර්තියක් ඇති අයෙකි.එවන් තවත් බොහෝ රාජ්‍ය නිලධාරීහු සිටියහ. ගාමිණී සෙනරත්ට පැවරූ බොරු නඩුවෙන් ඔහු නිදහස ලැබීය. ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කරන්නට සාක්ෂි නිර්මාණය කළ ද කොන්ද කෙලින් තිබුණු විනිසුරුවරුන්ලවා එය කරගත නොහැකි විය. ඇතැම් ආරක්ෂක නිලධාරීන් සීඅයිඩියට කැඳවා ඔවුන් එහි වහළයේ එල්ලා නොමැරී මැරෙන තුරු පහර දී ගෝඨාභයට විරුද්ධව සාක්ෂි නිර්මාණය කිරීමට ශානි අබේසේකර උත්සාහ කළ බව දැන් හැමෝම දන්නා රහසකි.මේවා පසුපස සිටියේ චම්පික රණවක රාජිත සේනාරත්න ඇතුළු යහපාලන ජුන්ටාවයි.අදටත් ශානි අබේසේකර සිරගතව සිටින්නේ බොරු නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කිරීම නිසාය.කරු ජයසූරියට අනුව නම් ඔහු ඉතා දක්ෂ සුදු ඇඳගත් පිංවතෙකි.

එම නිසා කරු ජයසූරිය මහතාණෙනි සාධාරණ සමාජයක් නැමැති සංවිධානයේ වචන වල ඇති තේරුමටවත් ගරු කරන්නට ඉගෙන ගන්න.අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට ගොස් සාධාරණ සමාජයක් සංවිධානය අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින අසාධාරණ සංවිධානයක් බවට පත් නොකරන්න.
ඔබ ඔබේ නිවසේ නිරුවතින් සිටියාට අපට කම් නැත. එහෙත් නිරුවතින් පාරේ දුවන්නට පටන් ගතහොත් වියපත් ඔබේ නිරුවතට තුන්ලෝකයම සිනාසෙනු ඇත.

Leave a reply: