කාදිනල් හිමිට රජය තතු පහදයි .

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා නිදහස් වීමට අදාල සිදුවීම ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රධානීන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට කරුණු පහදා ඇත.

මෙහිදී අවධාරණය කර ඇත්තේ මෙය කිසිසේත්ම දේශපාලන ඩීල් එකක් නොවන බවත් රිෂාඩ් බදුර්දීන් කවර තත්ත්වයක් යටතේවත් රජයට බඳවා ගැනීමක් සිදු නොවන බවත්ය .මෙම කාරණයේ දී ආරක්ෂක අංශ ක්‍රියා කර ඇති ආකාරය ද මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇත .රිෂාඩ්ගේ සොහොයුරාගේ සිදුවීමේදී දුරදිග නොබලා ක්‍රියා කළ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම තනතුරින් ඉවත් කිරීමට ද රජය පියවර ගත්තේය .

යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද රජය සතු බැවින් රිෂාඩ් බදුර්දීන් වැන්නෙකු රජයට බඳවා ගැනීම ගැන කිසිදු සැකයක් ඇති කරනොගන්නා ලෙස කාදිනල් හිමියන්ට පවසා ඇති ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුම
මගින් ද තම තීරණය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය පහදා දීම සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අද (සඳුදා) හැන්දෑවෙ ජනාධිපති කාර්යාලය ට කැඳවා තිබේ. ඒ අතර කාදිනල් හිමියන් පාර්ලිමේන්තුවේ සියලු කතෝලික මැති ඇමතිවරුන් අගරදගුරු මැදුරට කැඳවා ඇත්තේ මේ ගැන ඔවුන්ගේ මතය විමසීම සඳහාය.

Leave a reply: