කාදිනල් හිමිපාණන්ගේ විරෝධය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ වේදනාව සහ විරෝධය අපට තේරුම් ගත හැක .උන්වහන්සේලා එයට විරෝධය පළ පළකිරීමට කළු ඉරිදාවක් ද ප්‍රකාශයට පත් කර ඇත.

පල්ලියේ සාධාරණ විරෝධය පිළිගනිමින් මෙයද සටහන් කළ යුතුය. මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු වූයේ යහපාලන රජය පැවති 2019 අප්‍රේල් මස 21 දිනයි. එකල මෙරට පාලනය කළේ මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි. පාස්කු කොමිසම පත් කළේ ද එම රජය විසින්මය. එහි කොමසාරිස්වරුන් එම රජයේ අභිමතය පරිදි තෝරා ගැනුණි.

එහෙත් පාස්කු වාර්තාව ප්‍රකාශයට පත්වූ සැණින් කතෝලික පල්ලියේ ඇතැමුන් මෙන්ම තවත් පාර්ශව ගණනාවක් මෙය ගෝඨාභය රාජපක්ෂ රජය කාලයේ සිදුවූවක් ලෙස පෙන්වමින් යථාර්ථයට පිටුපා කටයුතු කරති.මෙම වාර්තාව ගැන හෝ චූදිතයන් ගැන හෝ ගෝඨාභය රාජපක්ෂ රජයට කිසිදු සබඳතාවක් නැත. මෙහි පැමිණිල්ල ඉදිරිපත් කළ අය චෝදනා කරන මහ මොළකරුවන් ගැන කිසිදු සාක්ෂියක් කොමිසමට ලබා නොදී ඔවුන්ට වත්මන් රජය දඬුවම් නොකළ බවට අභූත චෝදනා නගමින් සිටිති. මෙය බලවත් අසාධාරණයකි .යථාර්ථය සැඟවීමකි .

ගරු පියතුමන්ලාගෙන් සිදුවන ඇතැම් දැඩි ප්‍රකාශවලින් වත්මන් රජය ද මෙහි හවුල්කරුවකු ලෙස හුවා දක්වන්නට තැත් කිරීම යුක්ති සහගත නොවන බව රජයේ මතයයි. කවදත් ත්‍රස්තවාදයට විරුද්ධ ඊට එරෙහිව දිවි නොතකා සටන් කළ මහින්ද ,ගෝඨාභය කිසිදාක ත්‍රස්තවාදයට හෝ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්නේ නැත .එනිසා පාස්කු කොමිසමේ වාර්තාව ගැන රටට ජනතාවට හැමෝම සත්‍ය ප්‍රකාශ කළ යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ 2019 මෙරට පාලකයා වූයේ නම් කිසිදු හේතුවක් නිසා පාස්කුප්‍රහාරය වැනි ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන සිතීමට පවා කිසිවකුට ඉඩ නොලැබෙන බවය .

Leave a reply: