කැබිනට් සංශෝධන කතාව බොරුලු.

අද හෙටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ආරංචියෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි රජය පවසයි.

මෙයට පෙර වාර්තා වූ ආකාරයට මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සහ එම සමාජයෙන් එල්ලවන බලපෑම් නිසා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ආරංචි පැතිර ගිය නමුත් රජයේ ප්‍රධානීන් සමග ඔහු කළ සාකච්ඡා වලින් පසුව එම තීරණය නැවත සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

කඩිනමින් කැබිනට් සංශෝධනයක් සිදු නොවුණද මේ වසර මැද භාගයෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සංශෝධනයක් සිදු වීමේ ඉඩ ඉඩකඩක් ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a reply: