ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

කැලෑ පාලු ඇමැති කෙනෙක්ගෙන් ආණ්ඩුවේ ඉඩම් වලට සුද්දයක්

කැලෑ පාලුවෙක් වශයෙන් චෝදනා ලබා ඇති රජරට පළාතේ කැබිනට් අමාත්‍යවරයෙක් මේ ජන්ද සමයේ රජයට අයත් රජරට රක්ෂිත ඉඩම් හෙක්ටයාර ගණනාවක ඉඩම් ප්‍රමාණයක් හොරෙන් අල්ලාගෙන දැව කපමින් සිටින බව ට රජයට පැමිණිලි ලැබී තිබේ .

මෙයට පෙර මෙම අමාත්‍යවරයාටම විල්පත්තුවේ කැලෑ ශුද්ධ කිරීමක් ගැනද චෝදනා නැගුණි .අයථා ක්‍රම මගින් මුදල් ඉපයීම ගැන නම් දැරූ මොහු ගැන දැන් ජනාධිපති කාර්‍යාලය රහසිගත පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත .

රජරට ප්‍රදේශයේ දේශපාලන පවුල් ගසක් නිර්මාණය කරමින් සිටින මෙම අමාත්‍යවරයා ප්‍රදේශයේ වැලි කැපීම හා රජයේ කොන්ත්‍රාත් වැඩද තමන්ගේම අයට පවරමින් මුදල් ගරන්නෙකි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මොහුට දැඩි අප්‍රසාදය පල කර තිබේ .ඔහුගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක සභාපතිත්වය දරන අවංක විද්වත් සභාපතිවරයකු මොහුගේ හොරකම් වලට එරෙහි වීම නිසා තනතුරින් ඉවත් කිරීමේ උත්සාහයක් දියත් කර ඇත .එහෙත් මේ බව දැනගත් ජනාධිපතිවරයා ඇමතිගේ උත්සාහය වහා නතර කර තිබේ .

Leave a reply: