කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ගේ ක්‍රියාව ගැන සොයාබැලීමට පත්කළ පරීක්ෂණ මණ්ඩලය

එංගලන්තයේදී විනය කඩකළ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එංගලන්ත සංචාරයේදී නිරෝධායන රීති කඩකරමින් ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් එම පරීක්ෂණ මණ්ඩලය විසින් කරුණු සොයාබලනු ඇති බවය.

පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ,

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක
නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද
නීතිඥ අසේල රැකව
නීතිඥ උචිත වික්‍රමසිංහ
විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. ද සොයිසා

(Courtesy of Adaderana.lk)

Leave a reply: