කෙලින් මිනිහෙක්

තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන ඒකට රටේම නමක් හදාගන්න එක ලේසි පහසු වැඩක් නෙමේ. ඊට පස්සේත් ව්‍යාපාරවලින් උපරිමයට ආවා කියලා අත හරින්න හැකියාවක් නෑ, මොකද ව්‍යාපාරත් එක්ක ගොඩනැගිච්ච නමක් තියෙනවා. අන්න ඒක ආරක්ෂා කරගැනීම හරිම අමාරු කටයුත්තක්. අපේ රටේ වගේම ලෝකයෙත් නොයෙක් ව්‍යාපාරික භූමිකා අපි දකිනවා. සමහර එහෙම චරිත තමන්ගේ ව්‍යාපාරයට අදාල කටයුතු විතරක් කරගෙන ඇඟ බේරාගන්නා න්‍යායෙන් වැඩකරනවා. ඒ අතර ඉන්නවා ව්‍යාපාර කටයුතුවලදි වගේම රටේ විවිධ ප්‍රශ්ණ වලදිත් තමන් දරණ ස්ථාවරය වෙනුවෙන් නොබියව පෙනී සිටින මිනිස්සු. අපේ රටේ නම් ඉන්නේ එහෙම චරිත එක්කෙනයි දෙන්නයි කිව්වොත් නිවැරදියි.

අපේ කථානායකයා අන්න ඒ වගේ කෙනෙක්. ව්‍යාපාරිකයෙක් කිව්වාම එක පාරට ඔබගේ ඔළුවට එන්නේ සම්පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසිච්ච බෙල්ල හිර වෙන්න ටයි පටියත් දා ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අපි කතාකරන්න යන්නේ බොහෝවිට වායුසමීකරණය කරන ලද කාමරයක ඉඳගෙන, කොටස් වෙළඳ පොල ඩීල් වලින් ව්‍යාපාරිකයෙක් බවට පත්වුන කෙනෙක් ගැන නෙමේ. හිතන්න ඩෙනිමක් ඇඳලා, අත් කොට සැහැල්ලූ ෂර්ට් එකක් ඇඟලාගෙන ඒකෙත් උඩ බොත්තම් කිහිපය විවෘත්තව තියන් ඉන්න ව්‍යාපාරිකයා කියන ප්‍රතිරූපය ගැන. ඇත්තටම ව්‍යාපාරිකයා කියන සාම්ප්‍රදායික රාමුවට කොටුකරගත නොහැකි අපේ කතා නායකයා ව්‍යාපාර ලොව දැවැන්තයෙක්.

වවිධ අවස්ථාවන් වලදි මාධ්‍ය ඔස්සේ පෙනී සිටි ඔහුගේ ප්‍රකාශ ආන්දෝලනාත්මකයි, ඒවා සෘජුයි. තමන් පෙනී සිටින කිසියම් ස්ථාවරයක් වෙනුවෙන් එතරම් ශක්තිමත්ව ඉදිරිපත් වී පෙනී සිටින මින්සුන් වර්තමානයේ දකින්නට නැති තරම්. ඔහු දේශපාලකයන් හෝ වෙනත් පාර්ශවයන්ගේ පසුපස නොගොස් මෙම තත්වය අත් කරගත් නිසාදෝ පුදුමාකාර ස්වාධීන බවකින් කටයුතු කරයි. තම ව්‍යාපාරයේදී දේශපාලකයන් හා උසස් රාජ්‍ය නිලධාරීන් හමුවේ අදාල ව්‍යාපාරික තත්වයන් සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ හා එම ප්‍රකාශයන්ගේ ඇති දැඩි ශක්තිමත් බවෙන් පෙනී යන්නේ අදාල ව්‍යාපාරය ඔහුගේ ඇට මිදුළු තුලටම බද්ධවී ඇති ආකාරයකුයි.

සිය සොහෙයුරා රටේ නායකයා බවට පත්වෙද් දි ව්‍යාපාර ලෝකයේ අමුතුවෙන් ජයගන්න කියලා කඩඉමක් ඔහුට ඉතිරිවෙලා තිබුණේ නෑ. සිය සහෝදරයාට නොමඳව ශක්තියක් වෙමින්, සිය ජනපති සොහොයුරාට උවද එක එල්ලේ තම ස්ථාවරය නොපැකිලිව ඉදිරිපත් කල හැකි කෙලින් මිනිහෙක් ඉන්නවා නම් ඒ අප මේ කතාකරන ඩඞ්ලි සිරිසේනයි. ගමෙන් ආරම්භ කල ව්‍යාපාරයකට යා හැකි දුර පෙන්වා දෙන පූර්වාදර්ශය ඔහුයි. තවද තමා නිවැරදි නම්, තමා සිදුකරන කාර්ය්‍ය නිවැරදි නම් එම ස්ථාවරය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින්නෙක් වේ නම් ඒ ඩඩ්ලි නමැති සෘජු පෞරුෂයයි.

Leave a reply: