ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

කොටි මහ විරු සැමරුමේ හුලං බසී.

මෙයට වසර 11 ට පෙර කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීම ඇතුළු කරුණු ගණනාවක් සැමරීම සදහා දිගු කලක් පවත්වාගෙන ආ මහ විරු සැමරුම කෙටි ආගමික චාරිත්‍රයකට සීමා කරන ලෙස රජය නියම කර තිබිණි. පවත්නා කොරෝනා වසංගතය හා ඇදිරි නීති තත්ත්වය තුළ ජනතා ආරක්ෂාව සදහා රජය මෙම තීන්දුව ගත්තේය .පසුගිය රජය කාලයේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මහත් උත්කර්ෂවත් ලෙස කොටි මහවිරු සැමරුම් පැවැත්විණි .එහෙත් ඊලමක් බිහිකර වෙනම රටක් නිර්මාණය කරන්නට තැත් කළ කොටි නායකයන් සැමරුම ජාතික උත්සව මට්ටමින් සිදු කිරීමට වත්මන් රජය අවසර දුන්නේ නැත .

එසේ වුව ද උතුරේ දේශපාලන බලවතුන් කිහිප දෙනෙකු ගේ අනුග්‍රහය ඇතුව පුදුකුඩුඉරිප්පුවේදී පහන් දල්වා ආගමික චාරිත්‍ර සිදුකර සීමිත ආගමික චාරිත්‍රයන් පැවැත්වීම සිදුවිය .කොරෝනා රෝගය සම්බන්ධයෙන් රජය ලබා දී තිබෙන උපදෙස් නොතකා රණවිරු සැමරුම සංවිධානය කරන්නට ගිය උතුරේ හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය ට යොමු කර ඇත .එමනිසා මහ ඉහලින් සමරන්නට සැලසුම් කර තිබූ කොටි මහවිරු සමරුවේ හුළං බැස ගිය බව උතුරේ වාර්තා පෙන්වා දෙයි .

Leave a reply: