කොරියාවෙන් හා ඉතාලියෙන් මෙරටට පැමිණි පිරිස් කටුනායක ගුවන් තොටේදී යකා නැටීම පිටුපස දේශපාලන හස්තයක්

කොරෝනා රෝගය ව්‍යාප්තව ඇති රටවල සිටින පුරවැසියන් ඇතැම් රටවල් විසින් බාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන අවධියක කොරියාවේ හා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළේදී යකා නැටීම පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි බුද්ධි අංශයට වාර්තා වී තිබේ .එම පිරිස් දින 14ක නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමත් නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් මදි බව කියමින් අරගල කිරීමත් දේශපාලන වුවමනාවන් මත සිදුවූවක් බව බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.

නිරෝධායනය වන තැනැත්තන්ගෙන් රුපියල් 7500ක් අය කරන බවට වූ ප්‍රචාරය රජය ප්‍රතික්ෂේප කර තිබියදීත් ඊට එරෙහිව සටන් කිරීමද මෙම දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිපලයක්යැයි හෙළිදරව් වී තිබේ .

ආසියාවේ බොහෝ රටවල් කොරෝනා රෝගය පැතිරෙන රටවල සිටින පුරවැසියන් මව් රටට ගෙන්වා ගැනීම තහනම් කර ඇත .එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය මූලික කටයුතු සිදු කර විධිමත් නිරෝධායන ක්‍රියාවලියක් සංවිධානය කර තිබියදී මහ මැතිවරණයෙන් පටු වාසි ලබා ගැනීම පිණිස මෙලෙස අහිංසක ගුවන් මගීන් උපයෝගී කර ගැනීම ගැන රාජ්‍ය බුද්ධි අංශ පූර්ණ අවධානය යොමු කරමින් සිටී .ගුවන් තොටුපළට පැමිණෙන ඇතැම් පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොකොට හොර පාරෙන් පිටත්ව යාමට ඉඩදීම සම්බන්ධවද රජයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ .

Leave a reply: