ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

කොරෝනාවට මුදල් වියදම් කිරීමේ බලය ගැන සජිත් පිලට රජයෙන් ප්‍රතිචාර

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතක අතුරු සම්මත ගිණුමකින්ද තොරව මුදල් වැය කිරීම වැරදි බව කියමින් සජිත් ප්‍රේමදාසලාගේ සමගි ජනබලවේගය ඝෝෂා කරන්න ට පටන් ගෙන තිබේ .

මේ ගැන ප්‍රකාශ ,නිවේදන ගණනාවක් නිකුත්ව ඇත .ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට ද චෝදනා කර තිබේ .
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයා දැනටමත් විධිමත් නීති උපදෙස් ලබා ගෙන ඇත .කොරෝනා අර්බුදයට මුදල් වැය කිරීමට පූර්ව පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නැත .මෙය හදිසි ව්‍යසනයකි.ව්‍යසනය පටන් ගන්නා විට පාර්ලිමේන්තුව විසුරුවා තිබුණි .එවැනි තත්ත්වයකදී හදිසි නීතිය සම්මත කර ගැනීමට හැර වෙන කිසිවකට නැවත මැති සබය කැදවීමට නීතිමය ඉඩක් නැත .

ඒ නිසා රජයේ වියදම් සම්බන්ධයෙන් නීති උපදෙස් දී ඇත්තේ අවශ්‍යතාවය අනුව දැනට ඒකාබද්ධ අරමුදලෙන් සියලු රාජ්‍ය වියදම් සිදු කර මීළඟ පාර්ලිමේන්තුව රැස් වූ විට මාස 3 ක් අතීතයට බලපාන ලෙස විශේෂ පනතක් මගින් දැන් කරන වියදම් අනුමත කර ගත හැකි බවයි.විපක්ෂය ද මේ බව දනී.එසේ දැන දැනත් රට නොමග යැවීම සදහා රාජ්‍ය නායකයා ව්‍යවස්ථාව කඩ කළායැයි අසත්‍ය ප්‍රකාශ නිකුත් කර තිබේ .එබැවින් ඒවාට පිළිතුරු දීමට කාලය වැය කිරීම පවා අනවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන් ට ප්‍රකාශ කර තිබුණි .

Leave a reply: