කොරෝනාවට රෝහල් 30 ක්

කොරෝනා රෝගීන් වෙනුවෙන් රජය මේ වන විට දිවයිනේ රෝහල් 30 ක් වෙන්කර තිබේ .දැඩි සත්කාර ඇදන් 650 ක් පමණ එම රෝහල්වල ඇත .එසේම දිනකට කොරෝනා රෝගීන් හදුනා ගැනීමට P.C.R පරීක්ෂණ 2000ත් 2500 ත් අතර සංඛ්‍යාවක් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබේ .රජය මේ වන විට කොරෝනාව දැඩි ලෙස පාලනය කර ඇති නිසා දිවයිනේ කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකකයන්හි එකදු රෝගියකු හෝ නොමැත.

සදුදා උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 864 දෙනෙකු වාර්තා වූ අතර ඉන් තුන්සිය විසි එක් දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබිණි .ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පවතින නිසා කොරෝනා රෝගය සුවවීමේ ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමකට පත්ව ඇත .එය දකුණු ආසියාවේ සෙසු රටවල් සමඟ ගත් කල සුවිශේෂී වාර්තාවක් බව කොරෝනා මර්දන කාර්‍ය සාධන බලකාය ප්‍රකාශ කරයි .

Leave a reply: