කොරෝනාවෙන් ආර්ථිකය පල්ලම් බසී

කිසිවෙකුට පාලනය කළ නොහැකි කොරෝනා වසංගතය නිසා 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඝෘන 6.1 ක් බවට පත්වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව අනාවැකියක් පලකර තිබේ .එහෙත් එම තත්ත්වයෙන් මිදී වසර 2021 දී මෙරට ආර්ථික වර්ධනය 4.1 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද එම පුරෝකථනයේ සඳහන් ය.

මෙය ශ්‍රී ලංකාව ට පමණක් විශේෂ වූ තත්ත්වයක් නොවන අතර ආසියාවේ සෙසු රටවල් ගණනාවකද ආර්ථිකය ඝෘන මට්ටමට පත්වන බව එම වාර්තාව කියයි.ඒ අනුව වඩාත් බරපතළම ආර්ථික කඩාවැටීම මාලදිවයිනෙන් වාර්තා වන අතර එරට ආර්ථිකය ඝෘන 11.3 දක්වා කඩා වැටෙනු ඇතැයි වාර්තා වෙයි .මේ හැර ඉන්දියාවේ ආර්ථිකය ඝෘන 4 ක් දක්වා අවපාතයට ලක්වන බව කියන ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේ දකුණු ආසියාවෙන් යම් ආර්ථික වර්ධනයක් ලැබීමට ඉඩ ඇත්තේ බංග්ලාදේශය ,භූතානය හා නේපාලය යන රටවල් බවද සඳහන් කර ඇත .

ආසියාවේ දැඩිම ආර්ථික අවපාතයට ලක්ව සිටින මාලදිවයින ශ්‍රී ලංකාවෙන් ණය ආධාරයක් සපයන ලෙස ඉල්ලා තිබේ .ඒ ගැන සලකා බැලූ රජයේ අමාත්‍ය මණ්ඩලය මේ සතියේ විශේෂ ගුවන් යානා මගින් මාලදිවයිනට එළවළු ,මාලු ,මස් හා පලතුරු මෙට්‍රික් ටොන් ගණනාවක් යවන ලද බව වාර්තා වෙයි .

Leave a reply: