ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

කොරෝනාවෙන් ප්‍රචාරක වැඩ අඩාල වුවත් ජන්දය කල් දාන්න එපාලු

close up of hand and voting ballot

කොරෝනා රෝගය නැවත හිස එසවීමට පටන් ගැනීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු අඩාල වී ඇත .එම ප්‍රචාරක කටයුතු අඩාල වෙන්නට පටන් ගත්තේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් රෝගීන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් හමුවීමත් සමඟය.

එහෙත් දැනට වාර දෙකක් කල් දමා ඇති මහ මැතිවරණය ඒ හේතුවෙන් නැවත කල් නොදමන ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ අපේක්ෂකයන් රැසක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතැයි අප වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි .

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද පසුගිය මාර්තු මස 3 වැනි දා සිට මේ දක්වා මාස 4 කට වැඩි කාලයක් අධික වියදමක් දරා ප්‍රචාරක කටයුතු සිදු කර තිබේ .මේතාක් පැවති මැතිවරණවලදී මෙන් මෙවර මැතිවරණයේදී ද ජන්ද අපේක්ෂකයන් ට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නන් ඉදිරිපත් නොවන බවට ද වාර්තා වෙයි .

එම නිසා මහ මැතිවරණය ට ඇත්තේ තව සති 3ක් පමණ වන බැවින් නැවත වරක් ජන්දය කල් නොදමා මහ මැතිවරණය පවත්වන ලෙස හිටපු මැති ඇමැතින් ඉල්ලා සිටිති.අප වෙත වාර්තා වෙන නිල නොවන තොරතුරු අනුව මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 100 සිට ලක්ෂ 1000 දක්වා මුදල් වැය කරන අපේක්ෂකයෝ රාශියක් සිටිති.ඒ නිසා නැවතත් ජන්දය කල් ගියහොත් ජන්ද වියදම දරාගත නොහැකි බව ඔවුහු ප්‍රකාශ කරති .

අද (ඉරිදා )වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් 450 කට වැඩි කොරෝනා ආසාදිතයින් හඳුනාගනු ලැබුණි.එහෙත් කන්දකාඩු කොරෝනා පොකුර තවමත් මර්දනය කර ගත හැකි මට්ටමේ පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Leave a reply: