කොරෝනාව ට දේශීය බෙහෙතක් අත්හදා බැලූ වෛද්‍යවරුන්ට කොක්කක්

පිළිගත් දේශීය වෛද්‍යවරයකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර තවමත් අත්හදා බැලීම් අවධියේ පවතින කොරෝනා ව සඳහා වන දේශීය ඖෂධය රජයේ රෝහල්වල අත්හදා බැලූ වෛද්‍යවරයා ට සෞඛ්‍ය අමාත්‍යාංශය විරෝධය පල කර තිබේ .

මෙම විරෝධය තිබුණ ද රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඖෂධය මේ වන විට සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇත්නම් එය සායනික පර්‍යේෂණවලට යොදා ගත යුතු බවයි.රජයේ ඖෂධ නිෂ්පාදනය භාර අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද ඊට පූර්ණ අනුග්‍රහය පල කර තිබේ .

ලෝකයටම ව්‍යසනයක් වී තිබෙන කොරෝනාව ට මේ දක්වා හරිහමන් එන්නතක් ද නැත .එසේ තිබියදී අපේ ඉපැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මී පැණි,ඉගුරු ,කොත්තමල්ලි ආදිය දා නිපදවා ඇති මෙම දේශීය ඖෂධය මේ දක්වා රෝගීන් 350 කට පමණ වරින් වර ලබා දී අත්හදා බලා තිබේ .ඒ සියලු දෙනාගේ ශරීර වලින් කොරෝනා වෛරසය ඉවත් කිරීමට මෙම ඖෂධය සමත් වූ බව වාර්තා වෙයි .

එසේ තිබියදී බටහිර ඖෂධය සම්බන්ධව පමණක් පූර්ණ විශ්වාසය තැබූ සෞඛ්‍ය බලධරයන් මෙම පර්‍යේෂණයට සහාය දුන් ඇතැම් වෛද්‍යවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ඇති අතර තවත් අය අදාළ වගකීම් වලින් මුදාහැර ඇතැයි ද වාර්තා වෙයි .

Leave a reply: