කොරෝනාව මර්දනය කිරීමේ ගෞරවය කාටද?

මසකට පෙර දිනකට කොරෝනා රෝගීන් 900ක් පමණ මෙරටින් වාර්තා වූ අතර දැන් එය දිනකට රෝගීන් තුන් සියයක් දක්වා අඩු වී තිබේ .කොරෝනා රෝගීන් ගණන දිනෙන් දින ඉහළ යද්දී මෙරට කුහක දේශපාලනඥයන්ගේ ඒ ගැන චෝදනා කළේ ගෝඨාභය රාජපක්ෂට ය. ගෝඨාභය අනාගෙන යැයි ඔවුහු කීහ.මාධ්‍ය හමු තැබූහ. හරිත අලුත්ගේ දොස්තර මහතා ත් රවි කුමුදේශ් නැමැති සමාගම් ප්‍රධානියාත් මෙහිදී ලොකු බර බරයක් දැමූ අයයි.

එහෙත් කොරෝනා රෝගීන් 300 ට අඩු වෙද්දි එය පාලනය කිරීමේ ගෞරවය මේ අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දෙන්නට තවමත් අදි මදි කරති .ලෝකයේ රටවල් 130කට කොරෝනා එන්නත ලබා ගැනීමට නොහැකිව සිටියදී අප රට සතිපතා එන්නත් ගෙනැවිත් ඒවා ලබාදීම සිදුකරයි. සෞඛ්‍ය බලධාරීන් ද රජය සමඟ මේ රෝග මර්දන සටනට එක්ව සිටිති .ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ද විශාල මෙහෙවරක් කරයි .

මේ සියලු කටයුතුවල සැබෑ මෙහෙයුම්කරුවා ගෝඨාභය රාජපක්ෂය. කොරෝනා මර්දනය අතින් ලොව හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂය. නමුත් විපක්ෂයට හා ඔවුන්ගේ ගැත්තන්ට එහි ගෞරවය ජනාධිපතිවරයාට පිරිනමන්නට දිව නැමෙන්නේ නැත .

එහෙත් මේ රටේ ජනතාව යථාර්ථය දනී .ඇමරිකාව වැනි මහා බලවතුන්ට ද පාලනය කරගත නොහැකිවූ මේ වසංගතයෙන් රට ගොඩ ගත හැක්කේ ගෝඨාභයට පමණි .සජිත් හිටියනම් රටට අබ සරණය. ත්‍රස්තවාදය මර්දනයට ගෝඨාභය කළ මෙහෙයුම ට නොදෙවෙනි මෙහෙයුමක් සිදු කර රට බේරාගත් ජනාධිපතිවරයාට එහි ගෞරවය හිමිවිය යුතුය. එහෙත් විපක්ෂයට පෙනෙන්නේ නවසීලන්තය සිංගප්පූරුව හා වියට්නාමය වැනි රටවල් පමණි .

Leave a reply: