කොරෝනාව විහිළුවට ගෙන සජිත් පිළ නාගනී.

සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සජිත් පිලේ ප්‍රබල දේශපාලන නායකයෙකු වන කබීර් හෂීම් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආණ්ඩුව විසින් මවන නොලද බොරුවක් යයි සොයා ගත් බව ප්‍රකාශ කළේය. රටේ පවතින සෙසු ප්‍රශ්න අමතක කරවීම සඳහා ආණ්ඩුව කොරෝනා කතාව ගොතා ඇතැයිද කබීර් මන්ත්‍රිතුමා සොයාගෙන ඇත.

මෙය සජිත් පිල මේ වසරේ කරන ලද හොඳම සොයා ගැනීම වන අතර මෙයට කබීර් හෂීම් මන්ත්‍රීතුමාට නොබෙල් තෑග්ග ලබා දිය යුතු යැයි මිනුවන්ගොඩ ප්‍රදේශවාසී ප්‍රදේශවාසී ජනතාව කියති.

මිනුවන්ගොඩ ජනතාව, සෞඛ්‍ය අංශ,ආරක්ෂක අංශ, ජනාධිපතිතුමා, ප්‍රමුඛ සියලු දෙනා සහසුද්දෙන් දන්නා යථාර්ථය බොරුවක් බව කියා පුවත් මවන්නට ගිය කබීර් හෂීම්ට මෙහි ඇත්ත නැත්ත බලාගන්න බලාගන්නට මිනුවන්ගොඩට ගොස් පරික්ෂා කළ හැකිය. පසුගිය මහ මහමැතිවරණයේ දී මෙන් හිතට එන ඕනෑම බොරුවක් සමාජගත කළ හැකි යැයි සිතන සජිත් ප්‍රමුඛ මන්ත්‍රීවරු මිනුවන්ගොඩ කොරෝනාව බොරුවක් යැයි කියා ජනතාව හමුවේ නිරුවත් වීම ගැන කාටවත් ප්‍රශ්නයක් නැත.
රජයට අවශ්‍ය නම් මිනුවන්ගොඩ කොරෝනාව බොරුවක් යැයි කියන කබීර් හෂීම්ට එරෙහිව අසත්‍ය පැතිරවීම යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට ද පිළිවන. එහෙත් මෙවැනි දේශපාලන බබාලා ගැන රජය එතරම් දුර යා යුතු නැතැයි මිනුවන්ගොඩ ප්‍රදේශවාසී බුද්ධිමත් ජනතාව ප්‍රකාශ කරයි .

පසුගිය කොරෝනා කාලයේ සජිත් ප්‍රේමදාස කොරෝනාවට වැරදි බෙහෙත් නියම කොට හත්පලේ ගාගත්තේය. මෙවර කබීර් හෂීම් මන්ත්‍රීවරයා කොරෝනාව බොරු කරන්නට ගොස් නා ගත්තේය. මිනුවන්ගොඩ කොරෝනා රෝගී තත්ත්වය බරපතල බව දැන දැනම අහිංසක මිනිස් ජීවිත ගැන තුට්ටුවක හැඟීමක් නොමැතිව වගකීමෙන් තොරව ක්‍රියා කරන සජිත්ලාට මීට පිළිතුරු ලැබෙන්නේ ඉදිරි පළාත් සභා ඡන්දයේ දී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි .

Leave a reply: