ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

කොරෝනා අර්බුදයෙන් මෙරට ආර්ථිකය ඍණ වෙයි දුප්පතුන් වැඩිවෙයි

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල ආර්ථිකය අඩාල වීම නිසා දකුණු ආසියානු රටවල වෙසෙන ලක්ෂ 360 ක පමණ ජනකායක් අන්ත දුප්පතුන් වනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අගවයි .

කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට පෙර මේ අය මසකට ප්‍රමාණවත් ආදායමක් ලැබුවද පවත්නා අර්බුදකාරී තත්ත්වය නිසා දුප්පත්කමේ රේඛාවෙන් පහලට වැටෙන බව එම අනතුරු ඇගවීම මගින් විස්තර කර තිබේ .

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම අඩාල වීම ,ඒ ඒ රටවල මුදල් ඒකක කඩා වැටීම ,අපනයනය අහිමි වීම ,කොටස් වෙළෙඳ පොළවල් වසා දැමීම ,සංචාරක ව්‍යාපාරය බිද වැටීම ඇතුළු හේතු රැසක් මෙයට බලපාන බව ආර්ථික විශේෂඥයෝ පවසති .

ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් ප්‍රකාශ කළේ 2020 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය ඍණ මට්ටමට කඩා වැටෙනු ඇති බවය.පවත්නා කොරෝනා අර්බුදයෙන් ගොඩ ඒමට ලෝක බැංකුව මේ සතියේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128ක් පරිත්‍යාග කළේය .

Leave a reply: