කොරෝනා පරීක්ෂණ වැඩි කෙරේ

කොරෝනා රෝගය මර්දනය සදහා ආසාදිතයින් හදුනා ගැනීම පිණිස කෙරෙන පරීක්ෂණ තවත් වැඩි කිරීමට වෛද්‍ය බලධරයන් තීන්දු කර ඇත .

ජනාධිපති කාර්‍ය සාධක බලකායේ උපදෙස් මත මෙය සිදු කෙරේ .කලින් දිනකට P.C.R පරීක්ෂණ 750-1000 ක් අතර ප්‍රමාණයක් සිදු කළද එය දිනකට 1500 දක්වා ඉහළ දැමීම ගැන තීන්දුවක් ගනු ඇතැයි වාර්තා වේ .මේ දක්වා රෝගීන් 309 ක් පමණ හදුනාගෙන ඇතත් ඔවුන්ගෙන් 95% ක්ම සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හෝ නිරෝධායන ගම්මාන වලිනි .එම නිසා වෛද්‍ය අංශයේ ද සහයෝගය ඇතුව හැකිතාක් ආසාදිතයින් සොයා ගැනීම රජයේ අරමුණයි .රෝග මර්දන කටයුතු සදහා රාජ්‍ය බුද්ධි අංශය යොදා ගත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව වන අතර එමගින් දැන් සාර්ථක ප්‍රතිපල ලැබී තිබේ .

චීනයෙන් සහ W.H.O සංවිධානයෙන් P.C.R පරීක්ෂණ කට්ටල තොගය ක් ලැබී ඇති හෙයින් ඒවා උපයෝගී කරගෙන දැනට සිදු කරන කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට රජය සැලසුම් කර තිබේ .

Leave a reply: