ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

කොරෝනා මර්දනය ගැන ඇමෙරිකාවෙන් ඉගෙන ගන්නයැයි සජිත් කියයි

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන ජාත්‍යන්තර පැසසුම් ලබද්දී එ.ජා .ප යේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියන්නේ අප කොරෝනා මර්දන වැඩ කරන හැටි ඇමෙරිකාවෙන් උගත යුතු බවය.අද බිහිසුණු ලෙස කොරෝනා රෝගය පැතිරෙන එය පාලනය කරගත නොහැකිව මාරාන්තික තත්ත්වයට පත්ව සිටින අමෙරිකාවෙන් අපට ඉගෙන ගන්නට තිබෙන්නේ මොනවාද කියා වෛද්‍ය විශේෂඥයෝ ප්‍රශ්න කරති.

හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා නීච වෛද්‍යවරයෙකු ලෙස හදුන්වමින් පහර දී තිබේ .මංගල කියන්නේ රජය මේ වැඩ කටයුතු වලට මුදල් වියදම් කරන්නේ නීති විරෝධීව බවයි .

මේ ආකාරයට බාල පටු දේශපාලනයක යෙදෙන සජිත් පිල කොරෝනා විපතින් සැපත සොයද්දී රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අමතා මෙම වැඩසටහනට ප්‍රයෝජනවත් යෝජනා ඉදිරිපත් කරමින් සහාය පල කර තිබේ .

Leave a reply: