කොරෝනා මෘත දේහ භූමදාන ප්‍රශ්නය නැවත අවුල් කරන්න සැරසෙයි.

රජය ඉතා අසීරුවෙන් මුස්ලිම් ජනතාව වෙත ලබාදුන් කොරෝනා මෘත දේහ භූමදාන අවසරය නැවතත් අවුලක් බවට පත්කිරීමට පක්ෂ ගණනාවක් සැරසෙන බව වාර්තා වෙයි .

දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කියා ඇත්තේ රජය මේ සඳහා තෝරා ගත් ඉරණතිව් දූපතේ මෘතදේහ භූමදානය නිසා දෙමළ මුස්ලිම් ආරවුලක් හටගනු ඇති බැවින් එය නුසුදුසු බවය. මනෝ ගනේෂන් ඇතුළු දෙමළ පක්ෂ නායකයන්ද දෙමළ සන්ධානයද දැනටමත් මෙයට විරෝධය පළ කර තිබේ. උද්ඝෝෂණ ද පැවැත්වීය.

සංචාරක ධීවර පවුල් 150ක් පමණ වාසය කරන ඉරණතිව් මෙම කටයුත්තට සුදුසු බව තීන්දු කළේ සෞඛ්‍ය අංශ තාක්ෂණ කමිටුවයි .භූමදානය ඉල්ලා සිටි අයම දැන් එයට එරෙහිව මත ප්‍රකාශ කිරීමෙන් මොවුන්ගේ කූඨ දේශපාලන ප්‍රතිපත්තිය සමාජය හමුවේ නිරාවරණය කර තිබේ.කෙසේ වෙතත් ඉරණතිව් මෙන්ම තවත් ස්ථාන ගණනාවක් ද සෞඛ්‍යය තාක්ෂණ කමිටුව මේ සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි. එහෙත් භූමදාන ප්‍රශ්නය ගැන හඬ නැගූ අයම ඊට එරෙහිවීම පුදුම සහගතය .ඔවුන් එය ගැන පසුගියදා පසුගිය දා මෙරටට පැමිණි පාකිස්තාන අගමැතිවරයාට ද පැමිණිලි කළේය.එවිට ඉම්රාන් ඛාන් මහතා කීවේ රජය සමග සුහදව මෙම ප්‍රශ්නය විසඳාගත යුතු බවය. ආරවුල්වලට ගොස් වැඩ අවුල් කර නොගන්නා ලෙසද පකිස්තාන නායකයා මෙරට මුස්ලිම් නායකයන්ට අවවාද කර තිබුණි .

Leave a reply: