කොරෝනා රෝගීන්ට පහසුකම් වැඩි කෙරේ.

කොරෝනා වසංගතයට ගොදුරු වූවන් සඳහා ලබාදෙන පහසුකම් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. අද වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන් සංඛ්‍යාව 1900 කට ආසන්න වී ඇත. එහෙත් රෝගීන් හා ආශ්‍රිතයන් නිසි ලෙස හඳුනාගෙන රජය තත්ත්වය පාලනය කර ගනිමින් සිටින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා රෝගීන් සඳහා කලින් රෝහලේ ඇඳන් දෙදහසකින් යුත් රෝහල් දාහතරක් වෙන්කර තිබිණි. දැන් එය ඇඳන් තුන්දහස් පන්සියයක් දක්වා වැඩි කිරීමටත් රෝහල් ගණන විසි එකක් දක්වා පුළුල් කිරීමටත් තීන්දු කර ඇත.මෙයට පෙර දිනකට
P.C.R. පරීක්ෂණ පන්දහසක් සිදු වුවද එම සංඛ්‍යාව පරීක්ෂණ දස දහසක් දක්වා වර්ධනය කිරීමට රජය වැඩි දුරටත් තීන්දු කර ඇත.එසේම දැඩි සත්කාර ඒකක ඇඳන් හයසියයක් ද මේ වන විට රෝගීන්ට වෙන් කර තිබේ. එහෙත් ඒවාට එකදු රෝගියෙක් වත් ඇතුළත් කර නොතිබීම විශේෂයකි. එසේම 46 ක්වූ නිරෝධායන මධ්‍යස්ථාන ගණන 100 දක්වා වැඩිකර දොළොස් දහස් පන්සීයක ට පමණ නිරෝධායනය වීමේ පහසුකම් පුළුල් කර ඇත.

වෛද්‍ය සහ සෙසු සහයක සේවා කාර්ය මණ්ඩල සේවකයන් ප්‍රමාණවත් ලෙස මෙම කටයුතු සඳහා අනුයුක්ත කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම තත්ත්වය අධීක්ෂණය කරමින් කොරෝනා නිවාරණ වැඩසටහනට නිතිපතා අවශ්‍ය උපදෙස් සැපයීම සිදු කරන බවද රජයේ වාර්තා කියයි.

Leave a reply: