ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

කොරෝනා රෝග පාලනයේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම තැනක .

සෙසු රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය අතින් දකුණු ආසියාවේ රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ. කලාපයේ සෙසු රටවල් සියල්ල අභිබවා මෙතරම් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපරිම කැපවීම නිසා බව රජය ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය ගැන විමර්ශනය කිරීමේදී කිරීමේ දී මැයි 17( අද) දිනය වන විට ඉන්දියාවෙන් වාර්තා වන රෝගීන් ගණන 90 648කි. පාකිස්ථානයෙන් වාර්තා වන වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 40151කි. බංගලාදේශයෙන් කොරෝනා රෝගීන්20.995 ක්ද මාලදිවයිනෙන් රෝගීන් 1078 දෙනෙක් ද දෙනෙක් ද වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින නේපාලය මේ දක්වා වාර්තා කර ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 291 පමණි .ශ්‍රී ලංකාවේ අද වන විට කොරෝනා රෝගීන්ගේ ගණන 960 කි.ඉහත සඳහන් කළ ආසියාවේ සෑම රටකම පාහේ ඉහළ මරණ අනුපාතයක් වාර්තා කළ නමත් ශ්‍රී ලංකාවේ මරණ ගණන නවයකට සීමා වීම ද විශේෂයකි රෝගය පැතිර ගිය පොකුරු 31කින් 30 මේ වන විට රජය විසින් අකර්මණ්‍ය කොට තිබේ. වැලිසර නාවික කඳවුරේ ක්‍රියාත්මක වන කොරෝනා රෝගීන්ගේ පොකුර තවමත් ක්‍රියාත්මකය.එම රෝගීන් පොකුර පාලනය කර ගැනීමට වෛද්‍ය අංශවලට මෙතෙක් නොහැකි වූයේ මන්ද යන්න අද දිනයේදී ජනාධිපතිවරයා වෛද්‍ය අංශ බලධරයන් කැඳවා ප්‍රශ්න කර තිබේ .වහා ක්‍රියාත්මක වී මෙම කොරෝනා රෝගීන්ගේ පොකුර පාලනය කිරීම සඳහා කඩිනම් වෛද්‍යමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සුවවීමේ ප්‍රතිශතය ද 50% ඉක්මවා තිබේ එය ද අප රට ලද ජයග්‍රහණයකි.

Leave a reply: