ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

කොරෝනා වසංගතය නිසා රනිල් පිල හා සජිත් පිල කඹ ඇදිල්ලක

කොරෝනා රෝග මර්දනයට රජයට සහාය දිය යුතුය යන ස්ථාවරය දරමින් රෝග මර්දන කටයුතු වලට සහාය ලබා දෙන බව එ .ජා .ප යේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ප්‍රකාශ කර තිබේ .ඒ ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එ.ජා .ප යේ රනිල් පිල නියෝජනය කරන මන්ත්‍රී පිරිසක් බදාදා ජනාධිපතිවරයා හමුවිය .

එහිදී එ.ජා .ප යේ යෝජනා ගණනාවක් ජනාධිපතිවරයා ට බාර දුන් අතර ඒවා ක්‍රියාත්මක කිරීමට තම උපරිම කැපවීම සහ උත්සාහය දරන බව ජනාධිපතිවරයා මන්ත්‍රී පිරිසට පැවසීය .මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ඇමැතිවරුන් ගණනාවක් ද එක් වූහ .

යූ .එන් .පි යේ රනිල් පිල මේ ආකාරයට කොරෝනා මර්දනය සදහා රජයට සහාය පල කළ ද සජිත් ප්‍රේමදාස හිතවාදින් දිගින් දිගටම කරන්නේ රජයේ කොරෝනා මර්දන වැඩසටහනේ අඩු පාඩු කීම පමණි .

කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කොරෝනා මර්දන වැඩසටහනින් කිසිවක් සිදු නොවන බවට චෝදනා කළ අතර ගාල්ලේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා උපවාසයක් කරමින් රජයට විරෝධය දැක්වීය.සජිත් ප්‍රේමදාස මහතා කරන්නේ ද රජයට කරන්නට අපහසු කාරණා පිළිබඳ උපදෙස් දෙමින් රජය විවේචනය කිරීමය .මේ හැර තවත් සජිත් පිලේ ප්‍රබලයන් ගණනාවක්ම කරන්නේ රජයට බැණ වැදීමය.ඒ අතර රනිල් පිල මෙහිදී ලබා ගෙන ඇති දේශපාලන වාසිය අත් පත් කරගැනීම සදහා උපක්‍රම යෙදීමටද පටන් ගෙන ඇත .

සජිත් ප්‍රේමදාස ලා මේ සම්බන්ධව කුමක් කීවත් එංගලන්තයේ B.B.C ගුවන් විදුලිය ,ඉන්දියාවේ The Hindu පුවත්පත ,W.H.O.සංවිධානයේ මාධ්‍ය අංශය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ජනාධිපතිවරයා සහ රජය ගෙන යන කොරෝනා මර්දන කටයුතු ඇගයීමට ලක් කළේය .

Leave a reply: