කොරෝනා ව්‍යාප්තිය වැලිසරට සීමා වේ මරණ අනුපාතය 1%යි

මෙරට කොරෝනා වසංගතය පාලනය සම්බන්ධව සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන තිබේ .ඒ අනුව දැනට කොරෝනා ව්‍යාප්තිය වැලිසර නාවික කදවුරේ පිරිසට සීමා වී තිබේ .ඊයේ (04) වැනිදා වාර්තා වූ රෝගීන් 33 දෙනාගෙන් 31 දෙනෙක්ම එහි සෙබළුන් වූ අතර ඉතිරි දෙදෙනා ද සෙබළ නෑදෑයන්ය.

එසේම ඊයේ දිනයේ මරණයට පත් වූ වියපත් කාන්තාව ද නාවික හමුදා සෙබළෙකු ගේ සමීප නෑදෑයෙකි.

දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 8 කි.එය ලෝක කොරෝනා මරණ සංඛ්‍යාව හා සසදන විට 1%ක මරණ අනුපාතිකයක් බව වාර්තා වේ .ඇතැම් බලවත් රටවල්වල මරණ අනුපාතිකය 13% ඉක්මවා ඇත .දිනකට මෙරට සිදු කරන P.C.R පරීක්ෂණ වලින් රෝගීන් හමුවන්නේ 3%ක් පමණක් බව වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි.

ඉදිරි සතියේ නගර සීමිත වෙළෙඳ කටයුතු සදහා විවෘත කළද ඉතා පරීක්ෂාකාරීව වෛද්‍ය උපදෙස් වලට අනුගතව ක්‍රියා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී .

මේ සතියට යෙදෙන ජාතික වෙසක් උත්සවය නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස මහානායක හිමිවරුන් දැනටමත් නිවේදනය කර ඇත .

Leave a reply: