කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීම ගැන තීන්දුව සිකුරාදා

close up of hand and voting ballot

අගහරුවාදා උදෑසන වන විට මෙරට කොරෝනා රෝගීන් 28 දෙනෙක් පමණ හදුනාගැනීමත් සමග මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සෑහෙන දුරට අඩාල වී තිබේ .ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය එ.ජා .ප යේ සජිත් පිල ,රනිල් පිල ඇතුළු පක්ෂ ගණනාවක් තමන්ගේ ජන්ද ප්‍රචාරක කටයුතු තාවකාලිකව අත් හිටුවා ඇත .මේ නිසා සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය ,දෙමළ ජාතික සන්ධානය ,පෙරටුගාමී පක්ෂය මෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද මහ මැතිවරණය කල් දමන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇත .

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සහ අදාළ අමාත්‍යංශ බලධාරින් සහ ආරක්ෂක අංශ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කරමින් සිටී .

පවතින තත්ත්වය නිසා මහ මැතිවරණය කල් දමන්නේද නැද්ද යන්න ගැන අවසන් තීන්දුව නාම යෝජනා හමාර වීමෙන් පසු ලබන සිකුරාදා පමණ වන විට ගැනීමට ඉඩ ඇතැයි රජය පවසයි .

Leave a reply: