ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

කොරෝනා වෛරසයෙන් බියට පත්වී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ට චීනයේම රැදී සිටින්නයැයි එරට ආණ්ඩුව ඉල්ලා සිටියි

දැනට චීනයේ ප්‍රාන්ත ගණනාවක අධ්‍යාපනය ලබමින් සහ රැකියා කරමින් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කොරෝනා වෛරසය ගැන බියට පත්වී ශ්‍රී ලංකාවට පිටත්ව නොයන ලෙස චීන ආණ්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා සිටී .

ඒ සම්බන්ධව කොලඹ චීන තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත .එම නිවේදනය මගින් චීන ආණ්ඩුව අවධාරණය කරන්නේ සිය රට විසින් මෙම වසංගත රෝගය පාලනය කර ඇති බවයි .එසේම ඊට විධිමත් ප්‍රතිකාර සැපයීමට චීනයට හැකියාව ඇති බවත් සදහන් කර ඇත .

චීන රජය කොරෝනා වෛරස වසංගතය පාලනයට ඖෂධ කිහිපයක් සොයා ගෙන ඇති බවද චීන රජය වැඩිදුරටත් කියයි .එම නිසා ශ්‍රී ලාංකික සිසුන් සහ වැඩිහිටි සේවකයන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් විධිමත් වෛද්‍ය සේවා පද්ධතියක් ඇති චීනයේ රැදී සිටීම වඩා ප්‍රයෝජනවත් බවත් චීන රජය වැඩිදුරටත් ප්‍රකාශ කරයි .එම නිසා හදිසියේ ශ්‍රී ලංකාව බලා පිටත්ව නොයන ලෙස චීන රජය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් කරන ලද ඉල්ලීමේ සදහන්ය .

Leave a reply: