කොවිඩ් එන්නත් ඉහළ දැමීමට ඉන්දියාවෙන් නව නිෂ්පාදන 5ක්

කොවිඩ් එන්නතේ හිඟයක් පවතින බවට බොහෝ ප්‍රාන්ත දැනුම් දීමෙන් පසු එන්තත් නිෂ්පාදනය විවිධ සමාගම් වෙත පවරමින් නිෂ්පාදනය කඩිනමින් ඉහළ දැමීමට ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව මේ වසරේ තුන්වැනි කාර්තුව වනවිට නව නිෂ්පාදකයන් පස්දෙනකුගෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ඉන්දීය රජය අදහස් කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව මේ වන විට කොවිෂීල්ඩ් සහ කොවැක්සින් එන්නත් නිපදවනු ලබන අතර, ඉදිරියේදී ස්පුට්නික් වී වැක්සින්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වැක්සින්, නොවැවැක්ස් වැක්සින්, සයිඩස් කැඩීලාස් වැක්සින් සහ ඉන්ට්‍රාන්සල් වැක්සින් එන්නත් වර්ග ද ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

ඉන්දියාව මේ වනවිට කොවිඩ් දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටින අතර, ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඉතිරිව ඇති එන්නත් ප්‍රමාණය දැනටමත් අඩුවෙමින් පවතින බැවින් අතිරේක එන්නත් ප්‍රමාණයක් ලබා දෙන ලෙස මහාරාෂ්්‍ට්‍ර, පන්ජාබ්, දිල්ලි සහ රාජස්තාන් ඇතුළු පළාත් රැසක් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.

(Courtesy of dinamina.lk)

Leave a reply: