කොළඹින් අලුත් විපක්ෂ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු යන්න සැරසෙයි !

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ පරාජිතයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා තමන් ළඟදීම පාර්ලිමේන්තු යන බව සිය හිතවතුන් සමඟ ප්‍රකාශ කර තිබේ .ඔහු මනාප ජන්ද 48,683 ක් ලබා ගෙන පරාජිතයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නාය.

දැනට විපක්ෂ මන්ත්‍රී ධුරවල පුරප්පාඩුවක් නැත .එහෙත් ෆවුසි ට සමීප ආරංචි මාර්ග අනුව කොළඹ දිසාවේ අපරාධ නඩුවකට මුහුණ දී සිටින විපක්ෂ මන්ත්‍රීවරයෙකුටද රන්ජන් රාමනායක ට මෙන්ම වැලිකඩ යාමට සිදුවන බැවින් ඊළඟ අවස්ථාව තමන්ට හිමිවන බව වැඩිදුරටත් කියා ඇතැයි වාර්තා වෙයි .

මහාධිකරණයේ අධි චෝදනා මත පවරා ඇති මෙම නඩුව ඔප්පු කරන්නට දෙයක් නැති තරම් ප්‍රබල බැවින් ෆවුසි මහතා ගේ මන්ත්‍රීකම ෂුවර්යැයි ඔහුගේ සමීපතම හිතවතුන් ද පවසා ඇත .අදාළ මන්ත්‍රීවරයාගෙන් නඩුව ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ තවත් දෙසතියකින් විභාගයට ගැනීමට නියමිතය .

Leave a reply: