කොළඹ මහ නගර සභා ප්‍රදේශය දැඩි අවදානමක.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය කොරෝනා රෝගයේ දැඩි අවදානමකට පත්ව ඇත .රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය මෙන්ම මහ නගර සභා සෞඛ්‍ය අංශයද මේ බව පෙන්වා දෙයි.

මහ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා කියන්නේ මහ නගර සභා ප්‍රදේශයේ ලක්ෂ 6 ක ජනගහනයෙන් 30,000 කට රෝගය ආසාදිතයැයි සැක කරන බව ය.

මේ දිනවල වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයින් හඳුනා ගන්නේද කොළඹ මහ නගර සභා සීමාවෙනි.දැනට සිදුව ඇති මරණ 160 කට ආසන්න ගණනින් 60% පමණ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී තිබේ .

මේ නිසා නත්තල් උත්සව සමයේ දැඩි සීමාවන් ට යටත් කොට ප්‍රියසාද උත්සව ආදිය නොපවත්වන ලෙස රජය ඉල්ලා සිටී.කාදිනල් හිමියන් ද කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේ නත්තල් දේව මෙහෙයන් 50 දෙනෙකු ට සීමා කර දේව මෙහෙයන් ගණන වැඩි කරන ලෙසය.

දැනටමත් නත්තල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ තරු හෝටල් සාද සංවිධානය කර ඇත .මේවා සඳහා හෝටල් වලට දැඩි සෞඛ්‍ය සීමා පැනවීමට ද රජය තීන්දු කර ඇත .

Leave a reply: