කොළඹ ලොක්ඩවුන් යෝජනාව විපක්ෂයේ දේශපාලන උගුලක් !

එ.ජා.ප.යට බලය ඇති කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය දිගින් දිගටම කියන්නේ කොළඹ නගරය සති තුනකට හෝ මාසයකට සහමුලින් වසා දමන ලෙසය.නමුත් රජය එම යෝජනාව පිළිගෙන නැත .

අගනුවර කොවිඩ් රෝගය පැතිරීම කිසියම් වේගයකින් සිදුවුවද වසංගත රෝග වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ එය තවමත් පාලනය කර ගත හැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ඒ සඳහා වේගවත් රෝග නිවාරණ වැඩසටහනක් දියත් කර තිබේ .නමුත් කොළඹ වසා නොදමන්නේ එයින් අගනුවර ආර්ථික කටයුතු සහමුලින් අඩාල වීමත් එමගින් රටේ ආර්ථිකය අඩාල වීමත් සිදු විය හැකි නිසාය .එසේම එදිනෙදා ආදායමින් ජීවත් වන කොළඹ නගරයේ ඉතාම දිළිඳු වතුවල වෙසෙන ජනතාව ට නගරය ලොක්ඩවුන් කළහොත් කිසිම හව්හරණක් නැති වෙයි .එය දේශපාලන උද්ඝෝෂණ හා විරෝධතා වලට පාර කැපීමකි.එසේම රටේ වෙළෙඳ පොළ ආර්ථිකය අඩාල කළහොත් එමගින් මුලු රට පුරා ආර්ථික අර්බුදයකට පාර කැපීමටද පිළිවන .

එම නිසා බොහෝ රටවල් කරන්නා සේ කොළඹ වසා නොදමා කොරෝනාව සමඟ ආරක්ෂිතව ජීවත් වෙන්නට ජනතාව හුරු කෙරේ .ඒ සමඟ ආර්ථිකය හැකිතාක් යහපත් ලෙස නඩත්තු කිරීම රජයේ සැලසුමයි.මෙම පසුබිමේ විපක්ෂයේ දේශපාලන උගුල්වලට හසුව නගරය වසා නොදැමීමට රජය ස්ථීරව තීන්දු කර ඇත .

Leave a reply: