ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

කෝටිපති හිටපු ඇමතිවරයෙක් සහ පොලිස් ප්‍රධානියෙක් ළඟදීම රිමාන්ඩ්!

පාස්කු බෝම්බ ප්‍රහාරයට සෘජු ලෙසම සබඳතා ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙන හිටපු අමාත්‍යවරයෙක් අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පසුගිය රජය කාලයේ ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී තිබියදීත් ඔහු නිවැරදිකරුවෙකු බව පෙන්වන්නට බොරු වාර්තා සැකසූ රහස් පොලිස් ප්‍රධානියකු ද ඔහු සමග අත්අඩංගුවට ගැනීමට අපේක්ෂිතය. මෙම පොලිස් ප්‍රධානියා හිටපු මන්ත්‍රී වරයෙකු වන රන්ජන් රාමනායක සමග රාජපක්ෂ රජයේ ප්‍රධානීන්ට එරෙහිව ව්‍යාජ නඩු නිර්මාණය සඳහා ක්‍රියා කළ තැනැත්තෙකි . දැන් ඔහු හසුවී තිබෙන උගුලෙන් ගැලවීම සඳහා රට පුරා ඇති දේවාල ගානේ යමින් තමන් මෙම විපතින් බේරා දෙන්නැයි ඉල්ලමින් දෙවියන්ට පුද පූජා පවත්වන බව වාර්තා වෙයි .

චෝදනාලාභි හිටපු අමාත්‍යවරයා වසර පහක් තුළ මෙරට සිටින ප්‍රධාන පෙළේ කෝටිපතියන් පනස් දෙනා අතරට පැමිණි තැනැත්තෙකි.ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ගත වූ වසර පහ තුළ උපයාගත් රුපියල් කෝටි 1000 ක පමණ වත්කමක් හිමිව ඇතැයි පරීක්ෂණ අංශ පවසයි. වසර 2005 වන විට පුත්තලම ප්‍රදේශයේ අනාථ කඳවුරක සිටි මෙම තැනැත්තා එකල ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා අරලියගහ මැදුරට පැමිණේ යැයි සිලි සිලි මල්ලක තම රෙදි පෙරදි දමාගෙනය. එදින ජනාධිපතිවරයා හමු වී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගෙන් සුලු මූල්‍ය ආධාරයක් ද ලබා ගෙන තමන් දේශපාලනයට ඇති ප්‍රකාශ කොට පිටත් වූ හෙතෙම පසු කාලයේ ඉතා අසීරුවෙන් මහින්ද රාජපක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් බවට පත් විය. ඉන් අනතුරුව ඔහු හදිසියේම ප්‍රකෝටිපතියකු බවට පත්වූ අතර ඔහුගේ පවුලේ පවුලේ කිහිප දෙනෙක්ම පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරයට සැක කරුවන් ලෙස දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට යන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඔහුගේ ඇති සබඳතාව පිළිබඳව කෙරෙන විමර්ශන සඳහාය.ඒ සඳහා විධිමත් සාක්ෂි මේ වන විටත් පොලිසිය සතුව පවතින බව පොලිස් ආරංචි මාර්ග කියයි .

Leave a reply: