ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ගණන් ඉලක්කම් නොදන්න සජිත් ගේ 20,000 පොරොන්දුව

තමන් ලබන අගෝස්තු මස 5 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත් වන බවත් ඉන්පසුව මෙරට හැම දුගී දුප්පත් පවුලකටම රුපියල් 20,000 බැගින් ආණ්ඩුවෙන් සහනාධාරයක් ගෙවන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන්ද වේදිකාවේදී ප්‍රකාශ කර ඇත .

සාමාන්‍යයෙන් ජන්ද වේදිකාවේදී මෙයට පෙර මෙවන් කතා කියා ඇත්තේ චතුර සේනාරත්නලා පමණි .සජිතුත් මෙවර චතුර ගේ ගොඩට වැටී තිබේ .ඒ ගැන ජනතාවට දුකක් නැත .සජිත් ප්‍රකාශ කරන විදිහට රටේ සමෘද්ධිලාභීන් හා සෙසු සහනාධාර ලබන දුගී දුප්පත් පවුල් සංඛ්‍යාව ලක්ෂ පනහකි.ඔවුන්ට මසකට රුපියල් 20,000 බැගින් ගෙවන්නේනම් ඒ සඳහා රජයට වසරකට රුපියල් බිලියන 1200ක් වැය කළ යුතුය .සාමාන්‍යයෙන් රටේ 5%ක ආර්ථික වර්ධන වේගයක් තිබුණොත් මුලු වසරටම රජය ලබන ආදායම රුපියල් බිලියන 1800 කි.

මෙම බිලියන 1800 අපේ රටේ සාමාන්‍ය වියදමටවත් මදිය.එයින් බිලියන 800ක්ම යන්නේ රජයේ සේවක වැටුප් වලටය.විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 250 ක් වැයවේ .පාසල් ළමුන්ගේ නිල ඇඳුම් ,පොත් පත් ,දිවා ආහාර සඳහා වියදම බිලියන 150 කි.බෙහෙත් සඳහා වාර්ෂික වියදම බිලියන 60 කි.ඉන්ධන වලට බිලියන 1000 කි.පොහොර වලට වියදම බිලියන 50 කි.ණය පොලී ගෙවීමට (ණය ගෙවීමට නොවේ) පමණක් වියදම රුපියල් බිලියන 1000කි.මේ ගණන් සියල්ල එකතු වූ විට සෙසු සුලු වියදම් අත් හැර රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3310 ,කි.එයට සජිත් කියන රුපියල් බිලියන 1200ත් එකතු වූ විට සම්පූර්ණ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4510කි.සමස්ත රාජ්‍ය වාර්ෂික ආදායම වන බිලියන 1800 න් මෙම ගෙවීම කරන්නේ කෙසේදැයි ආර්ථික විශේෂඥ සජිත් ප්‍රේමදාස රටට කිව යුතුය .නොඑසේනම් තමන් කියන්නේ පදනම් විරහිත අසත්‍යක් බව පිළිගෙන ජාතියෙන් සමාව ගත යුතු යැයි අග්‍රාමාත්‍ය කාර්‍යාලය පවසයි .

Leave a reply: