ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ගත වූ මාස තුනට වත්මන් රජය කළ සැබෑ ජනතා මෙහෙවර .

වත්මන් රජය බලයට පත්ව මාස තුනක් ගත වුවද ජනතාවට අපේක්ෂිත සේවාවන් සිදු කර නැතැයි දැනට ආබාධිත තත්වයට පත්ව සිටින විපක්ෂයේ ප්‍රබල ප්‍රබලයන් කිහිප දෙනෙක් බාල ඝෝෂාවක් නගන්නට පටන්ගෙන තිබේ. එහෙත් ගතවූ දින අනුවක කාලයේ පාර්ලිමේන්තු බලය ද නොමැතිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැති වරයාගේ ආණ්ඩුව ජනතාවට කරන ලද සාධනීය මෙහෙවර ගණනාවකි .කොතරම් වැදගත් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ ද ශ්‍රී ලාංකික සමාජයට ඉටු කරන ලද යහපත් දේ ක්ෂණයෙන් අමතක වන නිසා ඒ ගැන කිසියම් සිහිපත් කිරීමක් මෙම දින 90 ගත වන මොහොතේ සිදුකරනු කරනු වටී .

* ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ දේශප්‍රේමී කදවුර ශක්තිමත් කිරීම.

* කැබිනට් මණ්ඩලය පහළොස් දෙනෙකුට සීමාකර රාජ්‍ය වියදම් සෑහෙන පමණ අඩු කිරීම .

* රටට ජාතියට අහිතකර ජිනීවා යෝජනාවලින් ඉවත්වීම.

*ඇමරිකානු රජයේ උවමනාවට ශ්‍රී ලංකාව මත පටවන ලද M.C.C ගිවිසුම අත්සන් කිරීම අත් හිටුවීම.

*බැඳුම්කර දූෂිතයන් අධිකරණය හමුවට ගෙන යාම සහ 2010 2015 රජය සමයේ චෝදනා එල්ල වූ ප්‍රබලයන් රැසකට පක්ෂ පාට හෝ තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක කිරීම.

* දේශපාලන පක්ෂ භේදයෙන් තොරව රැකියා විරහිත උපාධිධාරීන් හතළිස් පන් දහසකට සහ රටේ දිළිඳුම ජනතාව අතරින් ලක්ෂයක් දෙනෙකුට රැකියා පිරිනැමීම.මෙරට දේශපාලන ඉතිහාසයේ දිළිඳුකම සුදුසුකම ලෙස සලකා රැකියා ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

* මත්තල ගුවන්තොටුපල කුණුකොල්ලයට විකිණීම සඳහා පසු ගිය රජය සකස් කර තිබූ සැලසුම අවලංගු කිරිම.

* වැට් බද්ද ඇතුළු බදු වර්ග රැසක් අඩු කොට පොදු මහජනතාවටත් ව්‍යාපාරික ප්‍රජාවටත් සහන සැලසීම. මෙමගින් පෞද්ගලික අංශයේ වැසෙන්නට ගිය ව්‍යාපාර වලට ඉතිරි කර දුන් මුදල රුපියල් බිලියන 112 කි.

* රටට දැයට සහ පාසල් දරුවන්ට මහත් ව්‍යවසනයක්වූ හෙරොයින් ජාවාරම මැඩලීම සඳහා මත් කුඩු තොග වටලා මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා එඩිතර ලෙස ක්‍රියා කිරීම .

*ජනාධිපති කාර්යාලයේ සහ ජනාධිපති වරයාගේ සුඛෝපභෝගී වියදම් හා බොරු ආටෝප උත්සව නවතා දැමීම.රටේ දිළිඳුම ගම්මානයක සිට පළාත් සංවර්ධන සැලසුම් සැකසීම ගාල්ලේ හෝමදොල ගම්මානයෙන් ආරම්භ කිරීම .

*රාජ්‍ය ආයතන බහුතරයකටම සුදුසුකම් සහිත පාලකයන් පත් කිරීම සහ ඔවුනට වසරකට බලපාන කළමණාකරන ඉලක්ක ලබාදීම.

* රටේ ජීවනාලිය බඳු ගොවි ජනතාව ගේ සුභසිද්ධිය උදෙසා මෙරට වගා කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම සහ වී ගොවියාට රුපියල් 50ක සහතික මිලක් ප්‍රදානය කිරීම .ඉදිරි මාසයේ සිට සිට පොහොර සහනාධාරය ලබා දීම.

ආණ්ඩු විරෝධීව සෑම විටම කල්පනා කරන NGO මානසිකත්වයෙන් යැපෙන ඇතැම් පුද්ගලයන්ට වත්මන් රජය හිස් භාණ්ඩාගාරයක් සහිතව දින 90 ක කාලයක් තුළ ඉටු කරන ලද මෙම සත්කාරයන් පිළිබඳ නොපෙනීම පුදුමයට කරුණකි .එහෙත් රටේ දුගී දුප්පත් ජනතාව වත්මන් රජය හදවතින් වැළඳ ගෙන ඇත්තේ ලැබුන සහනාධාර වල ප්‍රතිලාභ ඔවුහු හදවතින් ආශ්වාදය කරන නිසාය .

Leave a reply: