ගුවන් තොටුපොළ ඇරීම ජනවාරියට කල් යයි.

කොවිඩ් 19 වසංගත ය හේතුවෙන් වසා දැමුණ කටුනායක ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීම ජනවාරි 15 දක්වා කල් දමා ඇත .ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ මත සංචාරක අමාත්‍යාංශය මෙම තීන්දුව ගත්තේය .

එළඹෙන සීත සෘතුවේදී කොවිඩ් 19 රෝගය නැවත ව්‍යාප්ත වීමේ අනතුරක් හටගෙන තිබේ .එම නිසා යුරෝපය හෝ ඉන්දියාව වැනි රටවලින් පුරවැසියන් මෙරටට පැමිණීම දැඩි ලෙස අනතුරුදායක බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රජයට අනතුරු අඟවා ඇත .

මෙම තීරණය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ත් හදිසි අවශ්‍යතා මත යම් කෙනෙක් කුලී ගුවන්
යානාවකින් මෙරටට පැමිණියද ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 කුත් නිවසේ දින 14 කුත් නිරෝධායනය විය යුතු යැයි දැඩි කොන්දේසියක් පනවා තිබේ .පසුගිය දා රුසියානු ගුවන් සේවා නිලධාරී පිරිසක් මාතර රැඳී සිටියදී කොරෝනා වැළදී ඇතැයි අනතුරු ඇඟවීමෙන් පසු මෙම නීති දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක හමුදා ප්‍රකාශ කරයි.

Leave a reply: