ගෝඨාභයගෙන් ආදර්ශයක් දිසා සංවර්ධන කමිටු සභාපති ධුර තරුණයන්ට

ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතම කාර්‍යයක් පැවරෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු හතරක හැර අන් සියල්ලේ සභාපති ධුර නවක තරුණ මන්ත්‍රීන් ට පවරා තිබේ .නවක දේශපාලඥයන් ජාතික සේවයට පුරුදු පුහුණු කිරීමේ අරමුණින් මෙලෙස තරුණයන් ට වගකීම් පැවරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව කොළඹ ට ප්‍රදීප් උඳුගොඩ,ගම්පහ සහන් ප්‍රදීප් ,කලුතර සංජීව එදිරිමාන්න ,මහනුවර වසන්ත යාපා බණ්ඩාර ,ගාල්ල සම්පත් අතුකෝරල ,මාතර නිපුණ රණවක ,හම්බන්තොට උපුල් ගලප්පත්ති ,වව්නියාව කේ.දිලීපන් ,අම්පාර ජී.වීරසිංහ ,ත්‍රිකුණාමලය කපිල අතුකෝරල ,කුරුණෑගල ගුණපාල රත්නසේකර ,පුත්තලම අසෝක ප්‍රියන්ත ,අනුරාධපුර එච්.නන්දසේන ,පොළොන්නරුව අමරකීර්ති අතුකෝරළ ,බදුල්ල සුදර්ශන දෙනිපිටිය ,මොනරාගල කුමාරසිරි රත්නායක ,රත්නපුරය අකිල එල්ලාවල සහ කෑගල්ල රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මෙලෙස පත් කර ඇත .

පලපුරුදු දේශපාලඥයන් වන එස්.බී දිසානායක ට නුවරඑළියේ ද,ඩග්ලස් දේවානන්ද ට කිලිනොච්චියේ ද,කාදර් මස්තාන්ට මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල ද ,අංගජන් රාමනාදන් ට යාපනයේද දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුර පැවරුණි .මෙම සභාපතිවරුන් ට වෙනම විමධ්‍යගත අරමුදල් ලබා දී ජාතික සංවර්ධන කටයුතු පවරා දීමට රජය සැලසුම් කර තිබේ .

Leave a reply: