ගෝඨාභයගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ ‘හූල්’ගේ තැත වරදී

පසුගිය 7 වැනිදා ජනාධිපතිවරණයේ නාම යෝජනා  බාර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සදහා මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයකු වන ආචාර්ය රත්නජීවන් හූල් විසින් දරන ලද උත්සාහය මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා වෙයි .

කොමසාරිස් හූල් මේ සම්බන්ධව පුද්ගලිකව මැදිහත් වී ඇති අතර නාම යෝජනා ලබා ගැනීමට පෙරදින ඔහු කොලඹ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා මුණගැසී ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීම සදහා ඉදිරිපත් කළ අයදුම්පතේ පිටපතක් ලබාගෙන ඇත.එය සහමුලින්ම අනීතික ක්‍රියාවකි .අනතුරුව නාම යෝජනා දිනයේ විරෝධතා කාල සීමාව හමාර වීමෙන් පසු ලැබී තිබූ විරෝධතා ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම රහසිගත රැස්වීමක් පැවැත්වීය .

අප වෙත වාර්තා වෙන ආකාරයට  අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අපේක්ෂකත්වය ගැන කිසිවෙකුත් විරෝධය දක්වා තිබුණේ නැත.නමුත් කොමසාරිස් රත්නජීවන් හූල්  අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ගේ හැදුනුම්පත් අංකයේ වරදක් ඇතැයි කියමින් නාම යෝජනාව වහා ප්‍රතික්ෂේප කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් දෙදෙනෙකුට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටත් සෙසු කොමසාරිස්වරුන්ටත් දැඩි ලෙස බලපෑම් කර ඇත.

 ගැන කළ අධ්‍යනයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ගේ හැදුනුම්පතේ නිත්‍යානුකූල බව පවසමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ සහතිකය පිලිගනිමින් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීමට අන් සියලු කොමසාරිස්වරුන් තීන්දු කළහ .මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර මහතා මෙහිදී රත්නජීවන් හූල් ගේ පක්ෂග්‍රාහී අනීතික යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසා රත්නජීවන් හූල් ගේ උත්සාහය ව්‍යර්ථ විය .

Leave a reply: