ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණය ජයගත් පසු පිහිටවනු ලබන අමාත්‍ය මණ්ඩලය ට අලුත් මුහුණු ගණනාවක් එක්වනු ඇතැයි වාර්තා වෙයි .විශේෂයෙන්ම චෝදනා නොමැති කාර්‍යක්ෂමව ක්‍රියා කරන ප්‍රායෝගික දේශපාලඥයන් පිරිසක් නව අමාත්‍ය මණ්ඩලය ට ඇතුළත් කර ගැනීම ජනාධිපතිවරයා ගේ සැලසුමයි.මේ අයගෙන් බොහොමයක් විවිධ ක්ශේත්‍රවල වෘත්තිකයන් වීමද විශේෂයකි.

එම තරුණ වෘත්තිකයන් ට අමතරව ප්‍රවීණ දේශපාලඥයන් රැසක්ද කැබිනට්ටුවට ඇතුළත් කෙරෙති .ජනාධිපතිවරයා ගේ සහ පාර්ලිමේන්තුවේ ඉදිරි ආයු කාලය සඳහා විශේෂ පස් අවුරුදු සංවර්ධන සැලසුමක් මේ වන විටත් සකස් කෙරෙමින් ඇත .මෙම සැලසුමේ අරමුණ පොදු ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ දැමීම මෙන්ම අපනයන ප්‍රවර්ධනය ට අත හිත දීමයි.රාජ්‍ය සේවයේ වංචා දූෂණ තුරන් කිරීම සඳහා ‘ඊ’ තාක්ෂණය බහුලව යොදා ගැනීමට සැලසුම් කර තිබේ බොහෝ රජයේ කටයුතු සඳහා අයැදුම්පත් යැවීම ,අනුමැතීන් ලබා ගැනීම,සහතික ලබා ගැනීම ආදි කටයුතු තාක්ෂණය ඔස්සේ සිදු කිරීමෙන් දූෂණ වංචා අවම කර ගැනීම ජනාධිපතිවරයා ගේ අරමුණ බව සඳහන් ය.

Leave a reply: