ගෝඨාභය ගේ කැබිනට්ටුව 26 ට අඩු කරයි.මහින්ද ඉරිදා අගමැති ලෙස දිවුරුම් දෙයි

රාජ්‍ය වියදම් අඩු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය 26 කට අඩු කර තිබේ .ව්‍යවස්ථාව අනුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය ට 30 දෙනෙක් පත් කළ හැකිය.එසේම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 ක්ද පත් කිරීමට නීතිමය අවසර තිබේ .

ඒ අනුව පත් කෙරෙන නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ලබන ඉරිදා (9දා ) කැලණිය රජ මහා විහාරස්ථානයේ දී දිවුරුම් දෙයි .මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය පදවියට පත් වන්නේ සිව්වැනි වරටය.මෙරට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් නායකයා මෙන්ම වසර දෙකක් තුළ නව පක්ෂයක් නිර්මාණය කළ රාජ්‍ය බලය අත් පත් කර ගත් නායකයා ලෙස ඔහු විශිෂ්ඨ ශ්‍රී ලාංකික වාර්තාවකට හිමිකම් ලබයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ,පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ,චීන ජනාධිපති ෂි ජින් පින් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් මහින්ද රාජපක්ෂ මහතා අමතා ජයග්‍රහණය ට සුබ පැතීය.

Leave a reply: