ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ගෝඨාභය ගේ ජන්ම දින පින්කමේ වියදම අතින් ගෙවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුරයේ දී පවත්වන ලද පින්කම් මාලාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ .ප්‍රදේශයේ මහා සංඝරත්නය විශාල පිරිසක් ද මෙම පින්කම ට වැඩම කළහ .රුවන්වැලි සෑ පුදබිම ඇතුළු පූජ්‍ය ස්ථාන ගණනාවක පින්කම් සංවිධානය කර තිබුණි .

එහෙත් පින්කම් සංවිධායකයන් ට ජනාධිපතිවරයා තරයේ උපදෙස් දී තිබුණේ මෙම පුණ්‍ය කර්මය තමන්ගේ පුද්ගලික දෙයක් මිස ආණ්ඩුවේ උත්සවයක් නොවන බවය .ඒ සඳහා වැයවන සෑම සතයක්ම තමන් විසින් ගෙවනු ලබන බවද සඳහන් කළේය .ඒ අනුව උත්සවය අවසානයේ පින්කමේ සියලු වියදම් සඳහා ගෙවන රුපියල් ලක්ෂ ගණනක බිල්පත් තමා විසින්ම පුද්ගලිකව ලබා ගත් ජනාධිපතිවරයා ඒවා සිය පුද්ගලික මුදලින් ගෙවා දැමීය .ලංකා දේශපාලනයේ ඉතාමත් කලාතුරකින් වාර්තා වන මෙබඳු පුවතක් අපට අසන්නට ලැබුණේ බොහෝ කාලයකට පසුය.හිටපු අගමැතිවරයකු වන ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ පාලන කාලයේ එතුමා තමන්ගේ පුද්ගලික උත්සව කටයුතුවලදී පමණක් නොව අගමැති නිවෙසට පැමිණෙන අමුත්තන්ට තේ කෝප්පයක් ලබා දීමට යන වියදම පවා තම පුද්ගලික ධනයෙන් ගෙවා දැමූ මහතෙකි.ඉන්පසු අපට මෙබඳු පුවතක් අසන්නට ලැබීම එක් අතකින් සතුටට කරුණක් වන අතර රජයේ වියදමින් තමන්ගේ සබ්බ සකලමනාවම ඉටුකර ගන්නා දේශපාලන බම්මන්නන්ට කදිම ආදර්ශයක් ද සපයයි .

Leave a reply: