ගෝඨාභය ජන්ද සටනේ සජිත් සිහින කැබිනට්ටුවක් පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් මට්ටමින් ජන්ද ප්‍රචාරක කටයුතු දියත් කර තිබේ .ඒ අනුව සිය මුල්ම ප්‍රචාරක වැඩසටහන රජරට අනුරාධපුරයේ දී හා පොළොන්නරුවේ දී ගිය සති අන්තයේ සාර්ථක ලෙස හමාර කෙරිණි .එම ප්‍රචාරක කටයුතු වලදී ජනාධිපතිවරයා ජනහමු ඇමතීමක් නොකර කෙලින්ම ජනතාව හමුවී ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන සෘජුවම සාකච්ඡා කළේය .එය අපේ මැතිවරණ දේශපාලනයේ අලුත් අත්දැකීමකි.

ගෝඨාභය රාජපක්ෂ එලෙස ජනතාව හමුවෙද්දී සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා මහජන රැස්වීම් අමතන්නට පටන් ගත්තේය .ඔහුගේ ජනහමුවල ජන සහභාගිත්වයද ඉතාමත් අඩුය.එසේ වුවද ඔහු තමන් අමතන ජනහමුවලදී ඒ ඒ පළාත්වල සමගි ජනබලවේගයේ මන්ත්‍රීන්ට තමන් අගෝස්තු මස 5 වැනිදා පිහිටුවන රජයේ ඇමැති තනතුරු දෙන බවට ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත .

ඒ අනුව දැනට ඔහු ඇමැති පදවි පිරිනමා ඇත්තේ සුජීව සේනසිංහ ,එස්.එම්.මරික්කාර් ,පී .හැරිසන් ,අජිත් පී පෙරේරා ආදීන්ටය.මොවුන්ගෙන් සමහරු ඉදිරි මහ මැතිවරණයෙන් පරාජයට පත්වන අතර සජිත් ගේ සිහින කැබිනට්ටුවේ ඔවුන්ට ඉදිරි සති දෙක තුන තුළ වැජඹීමට පුලුවන .

පක්ෂය දෙකඩ වී ජයග්‍රහණය පෙනෙන මානයකවත් නොමැති මොහොතක තමන් අගමැති වන බවටත් අසවලුන් කැබිනට්ටුවට එන බවත් කියන්නේ දේශපාලන ඔල්මාදයෙන් පෙලෙන අය පමණක් නිසා රජයේ කිසිවෙකුත් සජිත් ගේ මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර නොදැක්විය යුතු යැයි පොහොට්ටුවේ නායකයන් තීන්දු කර ඇත .

Leave a reply: