ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ගෝඨාභය රාජපක්ෂ ගැන වැරදි මත පැතිරවීමට අමෙරිකානු නීතිඥයන් දෙදෙනෙක් මෙරටට කැදවති

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැතැයි මාධ්‍ය හමුවක් තබා ප්‍රචාරය කිරීමට සජිත් ප්‍රේමදාස විසින් අමෙරිකානු නීතිඥයන් දෙදෙනෙක් කොලඹට කැදවා ඇත .ඒ සදහා රුපියල් ලක්ෂ 100 පමණ මුදලක් ඔවුන්ට ගෙවා ඇත .

මේ දෙදෙනා අද හෙටම කොලඹදී මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කිරීමට යන්නේ ගෝඨාභය තවමත් අමෙරිකානු පුරවැසියෙක් බවයි .මේ අසත්‍ය පුවත මොවුන් සැලසුම් සහගත ව නිර්මාණය කරන්නේ මෙරට මැද පන්තියේ මධ්‍යස්ථ ජන්ද දායකයන්ගෙන් ජන්ද ගෝඨාභයට ලැබීම වැළැක්වීමේ අරමුණෙනි. එයට අමතරව මැතිවරණය පැවැත්වෙන 16 වැනිදා දහවල් වෙබ් අඩවි ගණනාවක් මගින් ගෝඨාභය රාජපක්ෂ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍ය වී ඇති බව ප්‍රකාශ කිරීමටද සැලසුම් කර ඇතැයි යූ .එන්.පි යේ මාධ්‍ය අංශ වාර්තාවක් කියයි.

Leave a reply: