ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණය ජය ගන්නා බව රාජ්‍ය බුද්ධි අංශ ජනපතිට වාර්තා කරයි

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් මෙම සඳුදා සදුදා ජනාධිපති මෛත්‍රි පාල සිරිසේන මහතාට සැපයූ නවතම බුද්ධි අංශ වාර්තාව මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නා බව ස්ථීරවම ප්‍රකාශ කර ඇත .එම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා ට වඩා වැඩි ඡන්ද ලක්ෂ අටකින් ජනාධිපතිවරණය ජය ගන්නා බව සඳහන් කර ඇත .මෙම තොරතුරු එක්සත් ජාතික පක්ෂයට ද ලැබී ඇති අතර ඉන්පසුව ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශාල වශයෙන් මඩ ප්‍රචාර සිදු කිරීමට පටන් ගෙන තිබේ .

දැනටමත් අධිකරණයෙන් නිරාකරණය වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය මුල්කරගෙන මෙම මඩ ප්‍රචාර සිදු කිරීමට මංගල සමරවීර ප්‍රමුඛ එජාප මාධ්‍ය කණ්ඩායම තීන්දු කළේය .ඒ අනුව ඡන්දය අවසන් දින කිහිපයේදී මඩ පුවත් මැවීම සඳහා වෙනම වෙනමම කණ්ඩායමක් ද පත් කර ඇත .එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ද එහි සාමාජිකයෙකි.

Leave a reply: