ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

චන්ද්‍රිකා අලුත් ගේමක් අටවයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ සැනින් සැණින් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බවට ලබාදී තිබෙන  පොරොන්දුව අල්ලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු සන්ධානේ බිඳවැටීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක සැලසුම් කර ඇත.ජනාධිපති පත්වූ සැණින්  මහ ඡන්දයකට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවර වෙනවා යැයි කියමින් චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර දයාසිරි ජයසේකර ආදීන් බියට පත්කර ඇත.ඒ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීන් ගණනාවකට  චන්ද්‍රිකා මේ ගුලිය ගිල්ලවා තිබේ.ඇය කියන්නේ ගෝඨාභය පත් වූවත් අගමැති රනිල් බවය . රනිල් ඉවත් කරනවාට  චන්ද්‍රිකා අකමැතිය .ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝලබාලයන් කුලප්පු කොට අවුලක් ඇති කිරීමට ඇය වැඩ පටන් ගෙන ඇත .

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු ඔහුගේ ආණ්ඩුව අප්‍රසාදයට  පත්වන තීරණ  පාර්ලිමේන්තුව හරහා ගනිමින් කපටි දේශපාලනයක යෙදෙන්නට  තැත් කරන චන්ද්‍රිකාගේ උපාය අනුගමනය නොකර තමන් ගේ ජනපති යටතේ තමන්ගේ ම ආණ්ඩුවක් හදන්නට  පෙරමුණ ගන්නැයි  මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ජේෂ්ඨයන් ට  දන්වා ඇත .නිමල් සිරිපාල හා දුමින්ද දිසානායක මෙය පිළිගෙන ඇතත් අමරවීර සහ දයාසිරි ඒ ගැන ප්‍රශ්න කිහිපයක් මතු කර ඇත.ඒ කෙසේ වෙතත් මේ කතාවෙන් පෙනෙන්නේ චන්ද්‍රිකාඇතුළු පිරිස දැනටමත් ගෝඨාභයගේ ජයග්‍රහනය පිළිගෙන ඇති බව යයින් පොහොට්ටුවේ සාමාජිකයෝ පවසති .

Leave a reply: