චම්පික අවුලට මුල පුරයි.

ජාතික හෙල උරුමයේ සිට එ.ජා.ප ය හරහා සජිත් පිලට පැමිණි හිටපු ඇමැති චම්පික රණවක හෙට ( ඉරිදා ) තනි ගමනකට මුල පුරන්නට තීන්දු කර ඇත .

ඔහු විසින් ආරම්භ කරන්නට යන 43 කණ්ඩායම නම් දේශපාලන සංවිධානය හෙට උදෑසන 9.30 ට ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ කෙරෙන්නේ ඒ අනුවය .

චම්පික රණවක මෙම සංවිධානය අරඹන්නේ සජිත් පිලේ දැඩි විරෝධය මැදය.සජිත් ප්‍රේමදාස ,රන්ජිත් මද්දුම බණ්ඩාර ප්‍රමුඛ සජිත් පිලේ ප්‍රධානීන් චම්පික ට මෙම සංවිධානය ආරම්භ නොකරන ලෙස අවවාද කළත් ඔහු එම අවවාද නොතකා 43 කණ්ඩායම ආරම්භ කිරීමෙන් සජිත් පිල මෙන්ම විපක්ෂය ද සංවිධානාත්මක අවුලකට ඇද දමා තිබේ .තමන් ගේ කේන්ද්‍රය හොඳ නිසා ඉදිරියේදී රටේ නායකත්වය ට පත් විය හැකි යැයි සිතන රණවක මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පස් වැනියාය.

සරත් ෆොන්සේකාට මෙන්ම රණවක මහතාට ද ජනාධිපති ධුරය ගැන සිහින දකින්නට අවසර තිබේ .එහෙත් බලය උදෙසා පක්ෂ මාරු කළ හෙතෙම කෙරේ තිබූ සමාජ විශ්වාසභාවය බිඳ වැටී ඇත .ඔහුට මෙම ගමන සඳහා උපදෙස් දෙන ශිරාල් ලක්තිලක හා රජිත කීර්ති යන දෙදෙනාද මෙරට පාරාජිකා දේශපාලනයේ කදිම සංකේත දෙකකි.

Leave a reply: