චම්පික රණවක සජිත් පිලට නොඑන හැඩ.

2025 ජනාධිපති අපේක්ෂකයා වෙන්නට සිතා සිටින චම්පික රණවක කලින් කියා සිටි පරිදි සජිත් පිලට එක් නොවන බව ඔහුගේ සමීපතමයෝ පවසති .චම්පික රණවක ගේ ප්‍රධාන උපදේශකයන් වන ශිරාල් ලක්තිලක හා රජිත කීර්ති තෙන්නකෝන් දෙදෙනා චම්පික දුන් උපදෙස් අනුව මෙම තීන්දුව ගෙන තිබේ .

සජිත් පිල විසින් 2025 ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව නිල වශයෙන් ප්‍රකාශ කළේය .එම නිසා චම්පික ට සජිත් පිල තුළ තැනක් නැතිවීම හේතුවෙන් ඔහු ඊට සම්බන්ධ වී පලක් නැතැයි යට කී උපදේශකයන් දෙදෙනා චම්පික ට දන්වා තිබේ .සජිත් පිල තුළ හර්ෂ ද සිල්වා ,එරාන් වික්‍රමරත්න ,සුජීව සේනසිංහ ආදීන් චම්පික ගේ පැමිණීමට දැඩි විරෝධය දක්වා ඇත .ඔහුට පක්ෂ වී ඇත්තේ මන්ත්‍රී මරික්කාර් පමණි .

කෙසේ වෙතත් දැන් චම්පික දේශපාලන උපදෙස් ගන්නා ශිරාල් හා රජිත කීර්ති මෙතෙක් සේවය කළ සියලුම නායකයන් පාරාජිකා වී පරාජයට පත් විය.එලෙසම චම්පික ගේ දේශපාලන ඉරණම ද මොවුන් විසින් විසඳනු ඇති බව සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයෝ පවසති .

Leave a reply: