චම්පික රණවක හිටපු ඇමතිවරයාට එරෙහිව තවත් පැමිණිලි ගණනාවක් .

සන්දීප් සම්පත් තරුණයා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කරමින් මාරක රිය අනතුරක් සිදු කොට දැන් ඒ සම්බන්ධව නීතියට කොටු වී සිටින චම්පික චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට එරෙහි ව තවත් බරපතළ පැමිණිලි ගණනාවක් පොලිසියට ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඉතා බරපතලය . ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් කූට ලේඛනයක් සකස් කොට ප්‍රකාශයට පත් කිරීම ඔහුට එරෙහිව ලැබී ඇති දෙවන පැමිණිල්ලයි.හර්ෂ තිලකසිරි නැමති තරුණයෙකුගේ පෙම්වතිය ලබාගැනීමේ අරමුණෙන් ඔහුට තර්ජනය කොට පහරදී හිසට කරන්ට් අල්ලා බරපතළ අපරාධයක් කිරීම චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති තවත් බරපතළ පැමිණිල්ලකි.මෙයට අතිරේකව ඔහුගේ අමාත්‍යාංශයෙන් පාලනය වූ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ සභාපතිව සිටි චමත් සිල්වා නමැත්තා මාර්ගයෙන් සහ ඔහුගේ උපදේශකයෙකු ව සිටි විද්‍යා අමරපාල නමැත්තා ගේ මාර්ගයෙන් අයථා ගනුදෙනු රැසක් සිදු කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි තුනක් ලැබී ඇත .නාගරික සංවර්ධන අධිකාරියට අයත් වටිනා ඉඩම් පුද්ගලික ආයෝජන සඳහා පැවරීමේ දී රුපියල් මිලියන 200 සිට 500 දක්වා අමාත්‍යවරයා විසින් අල්ලස් ඉල්ලා සිටි ව්‍යාපාරිකයින් ගණනාවක් ද ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .දැනට සිදු කෙරෙන සංදීප් සම්පත් තරුණයා සම්බන්ධ පරීක්ෂණය හමාර වීමෙන් පසු සෙසු පැමිණිලි ගැන පරීක්ෂණ ආරම්භ කිරීමට පොලිසිය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වේ .

පිරිසිදු සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පසු ගිය රජයේ පාලන කාලය තුළ භික්ෂුන් වහන්සේලා හතළිස් එක් නමක් සිරගත කිරීමට දායක වීම සම්බන්ධයෙන් ද භික්ෂු සමාජයෙන් බරපතල විරෝධයක් එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් ද ඉදිරියේදී පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ භික්ෂු සංවිධාන ප්‍රකාශ කරයි .

Leave a reply: